BREAKING NEWS
latest

728x90

468x60

Sunday, January 07, 2018

යහපාලන ඇමැත්තෝ දේශපාලනය වෙනුවෙන් යාලත් මසට විකුණයි

යාල ජාතික වනෝද්‍යානයට දිනකට ඇතුළු විය හැකි සෆාරි ජීප් රථ ගණන 600 දක්වා ඉහළ දැමීමට රජය එකඟ වී ඇති බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ඩබ්ලිව්.එම්.ඩී. වන්නිනායක මහතා කියා සිටියේ මින් පෙර දිනකට වනෝද්‍යානයට ඇතුළු විය හැකි වාහන සංඛ්‍යාව 500ක් වූ අතර, එය උදය වරුවේ වාහන 250ක් සහ සවස් කාලයේ වාහන 250ක් ලෙසින් සීමා කර තිබූ බවයි.

මේ නිසා බොහෝ සංචාරකයන් හරවා යැවුණු අතර, මේ හේතුවෙන් ජනපති, අගමැති සහ වන සංරක්ෂණ ඇමතිවරයා වෙත ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම යෝජනාව කර තිබූ අතර, ඒ අනුව මෙම තීරණය ගෙන තිබිණි.

පරිසර සංවිධාන පසුගිය කාලය පුරාම අනතුරු අඟවා තිබුනේ මෙම සෆාරි ජීප් රථ නිසා දුර්ලභ සතුන් විශාල ප්‍රමාණයක් මිය යන බවයි.

පසුගිය සමය පුරාම අධික වේගය නිසාම කොටියන් ඇතුලු විශාල සතුන් ප්‍රමාණයක් වාහන වල හැපී මියයෑම් පිළිබඳව වාර්තා වුනා.
මේ සතුන් හැපී මිය යෑම වැලැක්වීම සඳහා බම්පර් දැමූ අතර එමඟින් විශාල කාබන් විමෝචනයක් වාහන වලින් නිකුත් වීම නිසා සුවිශාල පරිසර හානියක් වන බවත් පර්යේෂණ මගින් ඔප්පු වී තිබෙනවා.

වන සතුන්ගේ ජීවිත පිළිබඳව තුට්ටුවකට මායිම් නොකර, දේශපාලන කුක්කන්ට සල්ලි ගැරීමට මෙලෙසින් වනජීවී ඇමතිවරයා ඉඩ ලබා දී තිබෙන බවයි වාර්තා වන්නේ.

සජිත් ප්‍රේමදාසලා, මහින්ද අමරවීරලා වැනි මුග්ධ ඇමතියන් තමන්ගේ කුක්කන්ට සල්ලි ගරන්න යාල වනෝද්‍යානයේ සතුන් සහ සම්පූර්ණ පරිසරයම විනාශ කරයි..

මෙම දේවල් වලට විරෝධය පෑම කෙසේ වෙතත් සත්ව සුභසාධනය බල්ලට දමා මෙවැනි දේශපාලුවන්ගේ කුහක ඉල්ලීම් වලට ඉද ලබා දෙන සතුන් ගැන බැලීමට සිටින ඇමති ගාමිණි ජයවික්‍රම වැන්නන් කුඹුරේ සිටවීමට සිටින පඹයන් ලෙස ගනන් ගැනෙන බවට මෙම සිදුවීම් වලින් ගම්‍ය වන බවයි පරිසරවේදීන් සඳහන් කරන්නේ..

මේවා ගැන ජනතාව වන ඔබට නොකියා වෙන කාට කියන්නද..?

වනජීවී දෙපාර්තුමේන්තුව නිර්දේශ කර තිබුනේ වාහන සංඛ්‍යාව 250ක් – 350ක් දක්වා අඩු කරන ලෙසටයි..

එහෙත් සජිත් ප්‍රේමදාස ඇමතිවරයා එය 500 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා තිබුනා.

එය තවත් පරයා යමින් සජිත් ප්‍රේමදාසට ඇටැක් එකට මහින්ද අමරවීර ඇමතිවරයා එය 650දක්වා වැඩි කරන ඉල්ලා තිබුනා.

රට ගැන, පරිසරය ගැන හිතන්නේ නැතුව තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගැනීමට සියලුම සම්පත් විනාශ කරන කාළකන්නි දේශපාලුවන්ට ස්වභාව ධර්මයෙන් නිසි දඬුවම් ලැබෙනු ඇති බවට අපගේ විශ්වාසයයි.
« PREV
NEXT »