BREAKING NEWS
latest

728x90

468x60

Friday, January 12, 2018

බැදුම්කර මගඩිය මෙන් තුන් ගුණයක් විශාල කෙරවලපිටිය විදුලිබලාගාර මගඩිය මෙන්න

භාන්ඩාගාර බැදුම්කර වෙන්දේසියේදී සිදුවූ බව කියන රුපියල් බිලියන 11කට අධික මූල්‍ය අක්‍රමිකතාවය පිළිබඳව මේ දිනවල සමාජය තුල විශාල කතා බහක් ඇතිවී තිබේ. එය මෙරට සිදුවු විශාලතම මූල්‍ය වංචාව ලෙස සැලකේ. නමුත් පෙරකී බැදුම්කර වංචාව මෙන් තුන් ගුණයක් විශාල, එනම් රුපියල් බිලියන 34 (මිලියන 34,000) පාඩුවක් රටට සිදුවන මහා පරිමාණ මූල්‍ය වංචාවක් මේ වනවිට රට තුල සිදුවෙමින් පවතී.

 ශ්‍රී ලංකාවේ අනාගත බලශක්ති අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා කෙරවලපිටිය - 11 ව්‍යාපෘතිය ලෙස හැදින්වෙන නව එල් එන් ජී (ස්වාභාවික වායු ) බලාගාරය ඉදිකිරීම සදහා වන ටෙන්ඩර් පටිපාටිය හිතා මතාම පමා කිරීමට කටයුතු කිරීම හරහා මෙම මූල්‍ය වංචාව සිදුකිරීමට ඉහළ රාජ්‍ය නිලධාරීන් සහ ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු එක්ව කටයුතු කරමින් තිබේ. දීර්ඝ කාලයක් පුරා විවිධ හේතු මත පමා කරතිබූ මෙම ටෙන්ඩරය පසුගිය වසරේ අගභාගයේදී නීති විරෝධී ලෙස කොරියාවේ සැම්සුන්ග් සමාගමට ලබාදීමට බී එම් එස් බටගොඩ සහ ජී එස් විතානගේ යන නිලධාරීන් විසින් කටයුතු සැලසුම් කල අතර තාක්ෂණික ඇගයීම් කමිටුව ලබා දුන් නිර්දේශ පවා නොතකා එම සමාගම වෙතම මෙම ඉදිකිරීම් ටෙන්ඩරය ලබාදීම ඔවුන්ගේ අරමුණ විය.


යම් හෙයකින් එම සමාගමට අදාළ ටෙන්ඩරය ලබා දුන්නේ නම් රටට දීර්ඝ කාලීනව සිදුවන පාසුව රුපියල් බිලියන 200 ඉක්මවන අතර දූෂණ විරෝධී ජනතාවගේ හඬ නැගීම හමුවේ එම කූඨ සැලසුම හකුලා ගැනීමට ඔවුනට සිදුවිය. ජී එස් විතානගේ අදාළ ටෙන්ඩර් කමිටුවෙන් ඉල්ලා අස්වීම දක්වාම ගැටලුව දුරදිග ගිය අතර පසුව එම ටෙන්ඩරය තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ කර තිබූ සමාගම් අතරින් අඩුම මිල ඉදිරිපත් කල සමාගමට ලබාදීමට අදාල අංශ තීරණය කරන ලදි. නමුත් එම තීරණය නොතකා හැර, දෙවනි අඩුම ලංසුව ඉදිරිපත් කල සමාගමට ඉදිකිරීම් ටෙන්ඩරය ලබාදීමට බී එම් එස් බටගොඩ විසින් දැඩි ආයාසයකින් කටයුතු කරමින් සිටින බව වාර්තා වී තිබේ. අඩුම ලංසුව සහ දෙවන අඩුම ලංසුව අතර වූ වෙනස නිසා සිදුවන පාඩුව රුපියල් බිලියන 34 බව බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයෝ පෙන්වා දී තිබේ. එමෙන්ම අවම ලංසුව ඉදිරිපත් කර ඇති සමාගමට වඩා දෙවනියට අවම ලංසුව ඉදිරිපත් කර ඇති සමාගමේ අදාල බලාගාරය ඉදිකිරීම සදහා වන ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 125කින් පමණ වැඩි වන අතර එලෙස වැඩි වීමට හේතුව බී එම් එස් බටගොඩ ඇතුලු පිරිසට ලැබෙන කොමිස් මුදල හේතුවෙන්ය. 

අවම ලංසුව ඉදිරිපත් කර ඇති දේශීය සමාගම සම්පූර්ණයෙන්ම නොසලකා හරිමින් ඔවුන්ව බලශක්ති ක්ෂේත්‍රයෙන් ඉවත් කිරීම සදහා බී එම් එස් බටගොඩ විශාල උත්සාහයක් ගනිමින් සිටියි. බී එම් එස් බටගොඩ යනු මින් පෙර අවස්ථාවකදී කූප්‍රකට ගල් අගුරු වංචාවට හසුවී ශ්‍රේෂ්ඨාධිකරණයේ උදහසට පවා ලක්ව සිටින අපකීර්තිමත් නිලධාරියෙකි. බලාගාර ටෙන්ඩරය ලබාදීමේදී සිදුකරන අක්‍රමිකතාවය නිසා සිදුවන පාඩුව පැහැදිලිව ගණනය කල හැකි, බොහෝ විවෘතව සිදුවන වංචාවක් වන නමුත් මෙම ටෙන්ඩරය පමා කිරීම පසුපස ඇති සැබෑ හේතුව මීට වඩා බොහෝ භයානකය. මෙම බලාගාරය ඉදිකිරීම දිගින් දිගටම කල් දැමීම හරහා අනාගත බලශක්ති අවශ්‍යතාවය සපුරාගැනීමට හැකියාවක් නොමැති තැනට රට පත් කිරීම මෙම වංචාකාරයින්ගේ අරමුණයි. එසේ බලශක්තිය සපුරාගත නොහැකි වූ විට ඉල්ලුම සපුරාලීම සඳහා විදුලි බල මණ්ඩලයට පෞද්ගලික අංශයෙන් හදිසි මිලදී ගැනීම් කිරීමට සිදුවන අතර එහිදී විදුලි ඒකකයක මිල ඉතා ඉහළ අගයක් ගනී.

දැනට එලෙස රජයට හදිසි විදුලිය සපයා ප්‍රකෝටිපතියෙකු වී සිටින මහා පරිමාණ ව්‍යාපාරිකයෙකු විසින් බී එම් එස් බටගොඩ නමැති දූෂිත නිලධාරියාව යොදා ගනිමින් මෙලෙස දීර්ඝ කාලීන ව්‍යාපෘතියක් ලෙස මෙම සැලසුම දියත් කරමින් සිටියි. මෙම බලාගාරය ඉදිකිරීම තවදුරටත් පමා වුවහොත් විදුලිය බල මණ්ඩලයට මසකට රුපියල් මිලියන 1550ක අතිරේක වැය බරක් දරමින් හදිසි විදුලිය මිලදී ගැනීමට සිදුවන අතර එය දීර්ඝ කාලිනව රටට දැවැන්ත ආර්ථික ප්‍රශ්ණ ඇතිකරනු ඇත.

 වඩාත් කණගාටුදායක කරුණ නම් එම බලාගාරය ඉදිකිරීම පමා කිරීම නිසා මේ වන විට ශ්‍රී ලංකා රජයට සිදුවී ඇති මූල්‍ය පාඩුව රුපියල් බිලියන 12.4 වන අතර එය භාන්ඩාගාර බැදුම්කර වංචාව නිසා රටට අහිමි වූ මුදල ඉක්මවා යන ප්‍රමාණයේ බරපතළ මූල්‍ය අපරාධයකි. භාන්ඩාගාර බැදුම්කර වංචාවෙන් උපයන ලද මුදල් පාර්ලිමේන්තු පණතකින් හෝ නැවත අයකරගත හැකි වනු ඇත. නමුත් මේ බලශක්ති වංචාවෙන් පෙරකී දූෂිතයින් ඉපයූ ධනය මෙරට කිසිම බැංකුවක හෝ ව්‍යාපාරයක ආයෝජනය කර නැත. ඔවුන් ඒ මුදල් විදේශ බැංකු වල තැන්පත් කර තිබේ. තවදුරටත් මෙම වංචාව දිගින් දිගටම සිදුවුව හොත්, අපේ රටට සිදුවන දැවැන්ත පාඩුව නැවත කිසිදාක ප්‍රතිපූර්ණය කරගත නොහැකි වනු ඇත.
« PREV
NEXT »