BREAKING NEWS
latest

728x90

468x60

Friday, January 12, 2018

රාජ්‍ය ඇමති හිතැති සංඝනායක හිමි සාමනේර හිමිවරුන්ට සමූහ අපයෝජනය කර හසුවෙයි

වයස අවුරුදු 15ට අඩු සාමනේර ස්වාමින් වහන්සේලා කිහිප නමක් අපයෝජනය කිරීමේ චෝදනාව යටතේ පිරිවෙන් ප්‍ර‍ධානාචාර්ය භික්ෂුවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කුරුණෑගල , රිදීගම කරඳගොල්ලේ නාරද බෞද්ධ මධ්‍යස්ථාන පිරිවෙනහි ප්‍ර‍ධානාචාර්යවරයා හා විහාරාධිපති ලෙස කටයුතු කළ වෑඋඩවිල්ලි හත්පත්තුවේ සංඝ නායක හතරලියැද්දේ නාරද නම් 63 වියැති භික්ෂුවකටයි මෙලෙස ළමා අපයෝජන චෝදනා එල්ල වී ඇත්තේ.
මෑතක සිට පිරිවෙනේ අධ්‍යාපනය ලබන සාමනේරයන් වහන්සේලා පිරිවෙන අතහැර යාමට පටන් ගැනීමත් සමඟ මේ පිළිබඳ පිරිවෙනහි ඉගැන්වීමේ කටයුතු වල නියුතු ස්වාමින් වහන්සෙලා කීප නමක් විසින් කළ සොයා බැලීමකදී විහාරාධිපති හිමියන්ගේ මෙම අපයෝජන ක්‍රියාවලිය හෙළිදරව් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

රාත්‍රී කාලයේදී ලොකු හාමුදුරුවෝ තමන්ට කාමරයට එන ලෙස පවසා ඇදේ දිගාවී “ඇඟ මසාජ් කරන්න” යනුවෙන් පවසන බවත් ඒ අතරතුර නොයෙකුත් නොමානා කටයුතු කරන බවත් අපයෝජනයට ලක් වූ කුඩා සාමනේරයන් වහන්සේලා පොලිසියට පවසා තිබෙනවා.

මේ ආකාරයෙන් අදාළ සැකකාර භික්ෂුව සෑම රාත්‍රියකම කුඩා සාමනේරයන් වහන්සේලා සිව් පස් නමක් (9 දෙනකු) පමණ සමූහ වශයෙන් විටින් විට අපයෝජනය කර ඇති බවයි පසුව හෙළිවන්නේ.
විහාරාධිපති කෲර අන්දමින් සලකමින්, විටින් විට අමානුෂික ලෙස පහර දීමත් සමඟ මෑතකදී පිරිවෙනේ අධ්‍යාපනය ලැබූ කුඩා සාමනේර දෙනමක් පිරිවෙනින් පැන ගොස් සිටියදී සොයා ගෙන ඇති අතර විහාරාධිපති හිමියන් තමන් වහන්සේලාට කාමරයට එන ලෙස කළ නියෝග ප්‍ර‍තික්ශේප කළ නිසා මෙලෙස අමානුෂික ලෙස පහර දෙමින් කෲර අන්දමින් සළකන බව ද උන්වහන්සේලා පවසා තිබෙනවා.

ප්‍රදේශයේ මන්තර ගුරුකම් වැඩටද ප්‍ර‍සිද්ධියක් උසුලන මෙකී භික්ෂුව, තමන් ඇමැති සරත් අමුණුගමගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස ද පවසමින් දේශපාලන බලයෙන් තමන්ට ඕනෑම දෙයක් කළ හැකි බව කියමින් ප්‍රදේශයේ අධිපත්‍ය පතුරුවාගෙන සිටින බව ප්‍රදේශවාසීන් සඳහන් කරනවා.
අවස්ථා කීපයකදීම පිරිවෙනේ වැඩවසන වැඩිහිටි ස්වාමින් වහන්සේලා විහාරාධිපතිගේ මේ නොමනා ක්‍රීයාව නතර කරන ලෙස පවසා ඇතත් ඒ සෑම අවස්ථාවකදීම විහාරාධිපති හිමි පවසා ඇත්තේ තමන්ගේ වැඩ ට මැදිහත් නොවී පිරිවෙනේ ඉන්න බැරිනම් පිරිවෙනින් ඉවත්ව යන ලෙසයි.

අවසානයේදී පිරිවෙනේ අනෙකුත් ආචාර්යයන් වහන්සේලා විසින් රිදීගම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ගොස් මේ පිළිබඳ පැමිණිලි කර ඇති අතර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවීම මතයි රිදිගම පොලිය සැකකාර විහාරාධිපති භික්ෂුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ.
එහිදී අධිකරණය විසින් නියෝග කර ඇත්තේ සැකකාර භික්ෂුව එළඹෙන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර ලෙසයි.
« PREV
NEXT »