Thursday, January 11, 2018
Home
Gossip Lanka News
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ස්ථාපිත කෙරුණු ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධති ජනපති අතින් විවෘත කෙරේ
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ස්ථාපිත කෙරුණු ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධති ජනපති අතින් විවෘත කෙරේ
-
Thursday, January 11, 2018
වකුගඩු රෝග ව්‍යාප්තිය අවම කිරීම වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ස්ථාපිත කෙරුණු ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධති විවෘත කිරීම අද (10) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර, මහබුලන්කුලම තිබ්බටුවාව ශ්‍රී විජය විහාරස්ථානයේදී දී සිදුකෙරිණි.
තිබ්බටුවාව ශ්‍රී විජය විහාරය වෙත පැමිණි ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව පිරිත් සජ්ජායනා මධ්‍යයේ එම විහාරස්ථානයේ ස්ථාපිත කර තිබූ ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධතිය විවෘත කළ අතර අනතුරුව තලාව, පහළතලාව, ගල්නෑව, තිරප්පනේ යන ප්‍රදේශවල ස්ථාපිත කර තිබූ ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධති දහයක් ද දුරස්ථ පාලන තාක්ෂණය උපයෝගි කරගනිමින් විවෘත කරනු ලැබීය.
වකුගඩු රෝගය පිළිබද ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකාය විසින් මෙහිදී සංවිධානය කර තිබුණි.
අමාත්‍ය මහින්ද අමරවීර, උතුරුමැද පළාත් ආණ්ඩුකාර පී.බී දිසානායක , හිටපු අමාත්‍ය තිස්ස කරලියද්ද, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...