Thursday, January 11, 2018
Home
Gossip Lanka News
මෙතෙක් තිබූ තහනම ඉවතට – කාන්තාවන්ටත් දැන් මත්පැන් මිළදී ගන්න පුළුවන් – මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි
මෙතෙක් තිබූ තහනම ඉවතට – කාන්තාවන්ටත් දැන් මත්පැන් මිළදී ගන්න පුළුවන් – මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි
-
Thursday, January 11, 2018
සාමාන්‍යයෙන් අනිත් රටවලට සාපේක්ෂව අපේ රටේ කාන්තාවන් මත්පැන් පානය කරනවා බොහොම අඩුයි. නාගරික සමාජයේ කාන්තාවන් සුළු පිරිසක් අරුනම ගම්බද කාන්තාවන්නම් මත්පැන් පානය කරන්නෙම නැති තරම්.
කොහොම නමුත් අපේ රටේ මත්පැන් මිලදී ගන්න පුළුවන් පිරිමි අයට විතරයි. කාන්තාවන්ට මත්පැන් මිලදී ගන්න බෑ.
ඒ වගේම තමයි මත්පැන් විකුණන හා අලෙවිකරණ ස්ථානවල සේවය කරන්නත් පුළුවන් පිරිමි පාර්ශවයට විතරයි. ඒකත් කාන්තාවන්ට නීතියෙන් තහනම් කරලා තමයි අපේ රටේ මෙච්චර දවසක් තිබුනෙ.
කෙසේ නමුත් කාන්තාවට මත්පැන් අලෙවිසැල්වලින් මත් පැන් මිලදී ගැනීමට පනවා තිබූ තහනම ඉවත් කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසනවා.
මීට අමතරව මත් පැන් විකුණන හා අලෙවිකරන ස්ථානවල සේවය කිරීමටද පනවා තිබූ තහනමත් මේ එක්කම ඉවත් කරලා කියලා තමයි ආරංචි වෙන්නෙ.
ඒ කියන්නෙ දැන් ඉස්සරහට මත්පැන් මිලදී ගන්නත්, මත්පැන් විකුණන හා අලෙවිකරණ ස්ථානවල සේවය කරන්නත් කාන්තාවන්ට පුළුවන් වෙනවා.
