Friday, January 12, 2018
Home
Gossip Lanka News
අනිකාට මරණ තර්ජනය කළ රවීගේ ඥාතියාගෙන් CIDය ප්‍රශ්න කරයි
අනිකාට මරණ තර්ජනය කළ රවීගේ ඥාතියාගෙන් CIDය ප්‍රශ්න කරයි
-
Friday, January 12, 2018
හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් යන අය විසින් මිලදී ගෙන ලබා දී තිබූ කොල්ලුපිටියේ සුවිසල් නිවෙසේ හිමිකාරියට මරණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශානිල් නෙත්තිකුමාර නමැත්තාගෙන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගෙන තිබේ.
එම ප්‍රශ්න ගත සුපිරි නිවෙස සම්බන්ධයෙන් ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමෙන් අනතුරුව ඊස්ට් වෙස්ට් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු වන අනිකා විජේසූරිය නමැත්තියට දුරකතනය හරහා මෙම තැනැත්තා විසින් මරණ තර්ජනය කර ඇති බවට ලද පැමිණිල්ලට අනුව මෙම ප්‍රකාශය ලබා ගෙන ඇත.
ඉකුත් වසරේ ඔක්තෝබර් 14 වැනි දින රාත්‍රි 10.35ත් 10.37ත් අතර කාලය තුළ මෙම තැනැත්තා විසින් අනිකා විජේසූරිය යන අයගේ සහෝදරයා වන විජිත විජේසූරියගේ ජංගම දුරකතනයට ඇමැතුම් දෙකක් ලබාදී ඇයට මරණ තර්ජන කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශානිල් නෙත්තිකුමාර අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් දියත් කර තිබිණි.
නමුත් පොලිසිය මඟහරිමින් සිටි ඔහු ඉකුත් 04 වැනි දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් එක් ලක්ෂ පනස් දහසක (රු. 150,000) ශරීර ඇපයක් මත මුදාහැර තිබිණි.
ඉකුත් 05 වැනි දින ඒ අනුව මෙම මරණ තර්ජනය සම්බන්ධයෙන් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ මෙම ප්‍රකාශය ලබාදී ඇත.
