Friday, January 12, 2018
Home
sri lanka post
රාජකාරි අස්සේ ඡන්ද වැඩ කළ රජයේ සේවිකාවකගේ වැඩ තහනම්
රාජකාරි අස්සේ ඡන්ද වැඩ කළ රජයේ සේවිකාවකගේ වැඩ තහනම්
-
Friday, January 12, 2018
පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයෙකු වන උප තැපැල් ස්ථානාධිපතිවරයෙකුට සහය පළ කරමින් ප‍්‍රචාරක කටයුතු කළ එම තැපැල් කාර්යාලයේ සහායිකාව වැඩ තහනමට ලක් කළ බව තැපැල් දෙපාර්තමේන්තුව කියයි.
ඇය රැකියාව කරන අතරතුර තම ප‍්‍රධානියා වන උප තැපැල් ස්ථානාධිපතිවරයාට ඡන්දය දෙන්නැයි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි පැවැසේ.
ඇයට එරෙහිව ලැබුණු පැමිණිල්ලක් මත මැතිවරණ කොමිෂන් සභාවෙන් කළ නියෝගයක් අනුව මෙම වැඩ තහනම සිදුකර තිබේ.
උප තැපැල් කාර්යාලයේ කටයුතු පවත්වා ගෙන යාම සඳහා මේ වනවිට වෙනත් නිලධාරියෙක් යොමු කිරීමටද තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
මැතිවරණයෙන් පසු මේ පිළිබඳව තැපැල් දෙපාර්තමේන්තුව මඟින් විධිමත් පරික්ෂණයක් පවත්වන බවත් එම පරීක්ෂණයෙන් පසුව විනයානුකූල පියවර ගැනීමට තීරණය කර ඇති බවත් වාර්තා වේ.
