BREAKING NEWS
latest

728x90

468x60

Sunday, January 07, 2018

MSME හා එක්ව සතොස ශාඛා 8000ක සැලසුමක්

පෞද්ගලික අංශය සතු ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ (MSME) වෙළෙඳ ව්‍යාපාර සමග සහයෝගීතාවක් ඇති කරගනිමින් සතොස අලෙවි සැල් ජාලය 8,000 දක්වා ග්‍රාමීය ප්‍රදේශ කරාද ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව, යමින් දැනටමත් සුදුසුකම් සහිත ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ වෙළෙඳ ව්‍යාපාර සතොස ජාලය සමග සම්බන්ධ කරගැනීමේ ලියාපදිංචි කිරීම් ආරම්භ කර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම, 2019 වසරේදී සැමරෙන සතොස 70 වැනි සංවත්සරයට සමගාමීව මේ වනවිට ආරම්භ වී ඇති 400ක් වූ සතොස අලෙවි සැල් ජාලය ඉහළ පිරිවැටුමක් සහිතව ශාඛා 500ක් දක්වා වර්ධනය කිරීමටද සැලසුම් කර තිබේ.

වැලිසර ප්‍රථම සතොස මෙගා අලෙවි සැල පසුගියදා (05දා) අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට සමගාමීව මෙම තොරතුරු අනාවරණය කෙරිණි.
« PREV
NEXT »