BREAKING NEWS
latest

728x90

468x60

Saturday, February 17, 2018

ජනතාව දැල්වූ රතු එළිය භාරගන්නවා - 19 ට අනූව රට ඉදිරියට ගෙනියනවා - අගමැති කියයි

9 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය පරිදි වත්මන් ආණ්‌ඩුව තවදුරටත් ඉදිරියට ගෙන යන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී ඊයේ (16දා) සවස ජනමාධ්‍ය ප්‍රධානීන් හමුවේදී විශේෂ ප්‍රකාශයක්‌ කරමින් පැවසීය.

ඒ අනුව එම තීරණය ලබන සතියේ රැස්‌වන පාර්ලිමේන්තුවේදී යෝජනා ස්‌ථාරත්වයෙන් සම්මත කර ගනිමින් ආණ්‌ඩුවේ වැඩ කටයුතු තවදුරටත් ඉදිරියටම සිදුකරන බව අගමැතිවරයා එහිදී සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණයෙන් පසුව උද්ගත වූ අර්බුදකාරී තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් මාධ්‍ය ආයතන ප්‍රධානීන් අරලියගහ මැඳුරට කැඳවා තිබූ අතර, එහිදී ආණ්‌ඩුවේ ඉදිරි පැවැත්ම පිළිබඳව විශේෂයෙන් විස්‌තර කෙරිණි. 2015 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතා ලද ජන වරමට අනුව දැන් පවතින ආකාරයටම ආණ්‌ඩුව තම අගමැතිත්වය යටතේ ඉදිරියට ගෙන යන බවද, එහිදී අමාත්‍ය මණ්‌ඩල සංශෝධනයක්‌ සිදු කිරීම සම්බන්ධව සාකච්ඡා වෙමින් පවතින බව ද හෙතෙම කියා සිටියේය.

පැවැති පළාත් පාලන මැතිවරණයේදී ලද ජනතා තීන්දුව පිළිගන්නා බවත්, එහිදී ලද ප්‍රතිඵලය මත එක්‌සත් ජාතික පක්‍ෂය තුළ නව ප්‍රතිසංස්‌කරණ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරන බවත් පක්‍ෂයට අලුත් නායකත්ව පරපුරක්‌ ඇති කරන බවත් ඔහු කීවේය.

රට තුළ පසුගිය සමයේ සිදු වූ ගංවතුර, නියඟය ආදී ස්‌වභාවික ආපදා නිසා කෘෂි ආර්ථිකය කඩා වැටී, ආර්ථික වේගය අඩු වී විවිධ ප්‍රශ්න ඇති වීම නිසා පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද දායකයන් අනතුරු ඇඟවීමක්‌ සිදු කර ඇතැයි ද, ඒ මහතා පැවැසීය. ඒ අනුව ආණ්‌ඩුවේ වැඩසටහන් ප්‍රතිව්‍යqහගත කරමින් අගමැති ලෙස ඉදිරි වැඩ කටයුතු අඛණ්‌ඩව ක්‍රියාත්මක කරන බව ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
« PREV
NEXT »