BREAKING NEWS
latest

728x90

468x60

Saturday, February 17, 2018

විජය කුමාරණතුංගගේ 30 වැනි ගුණ සමරුව

මානව හිතවාදී ප්‍රවීණ කලාකරු විජය කුමාරණතුංග මහතා දිවංගතව තිස්‌ වසරක්‌ සපිරෙන 16 වැනිදා (ඊයේ) සීදුව ග්‍රාමයේ දහඅටේ කණුව අසල විජය කුමාරතුංග සමාධියට පුෂ්පෝපහාර දැක්‌වීම විජය කුමාරණතුංගයන්ගේ දයාබර බිරිඳ වන හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මිය සහ ඥති හිතමිත්‍රාදීන් විසින් පෙරවරු 10.00 ට සිදු කරන ලදී.

මෙම අවස්‌ථාවට පැමිණි ජල කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, හිටපු ඇමැති µSලික්‌ස්‌ පෙරේරා, බස්‌නාහිර පළාත් සභා ඇමැති ලලිත් වනිගරත්න, රූපා කුමාරණතුංග මහත්මිය සහ ඥාති හිතමිත්‍රාදීන් ඇතුළු විශාල පිරිසක්‌ පුෂ්පෝපහාර දැක්‌වූහ.

මෙම අවස්‌ථාවේ ආගමික වතාවත් කටුනායක බෝධිරතනාරාම විහාරාධිපති, කටුනායක බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ බෞද්ධ සංගමයේ සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පැවිදි අනුශාසක නවසීලන්තයේ ඕප්ලන් ජාත්‍යන්තර විහාරස්‌ථානයේ විහාරාධිපති ශාස්‌ත්‍රපති පණ්‌ඩිත අමන්දොළුවේ ධම්මරතන නායක ස්‌වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ විසින් ද ශ්‍රී ලංකා මෙතෝදිස්‌ත සභාවේ දක්‍ෂිණ ලංකා කෘත්‍යාධිකාරි මණ්‌ඩලයේ සභික මිනුවන්ගොඩ පොල්වත්ත මෙතෝදිස්‌ත සභාවේ මීසම් පාලක නදීර ප්‍රනාන්දු පියතුමා විසින් ද පවත්වන ලදී.

හිටපු ජනාධිපති චJද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරණතුංග මහත්මිය සමඟින් ඥති හිතමිත්‍රාදීන් එම අවස්‌ථාවන්ට එක්‌ වූ අයුරු ඡායාරූපවලින් දැක්‌වෙයි.
« PREV
NEXT »