නීතිය හා සාමය අමාත්‍යංශය ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා දීම සදහා කිසිදු යෝජනාවක් එජාපය පාර්ශවයෙන් ඉදිරිපත් වී නැතැයි
ජනාධිපතිවරයා විසින් එය ෆොන්සේකා මහතාට ලබා නොදී සිටින බවට මාධ්‍ය විසින් කරන චෝදනා අසත්‍ය බවද සදහන් කල ඔහු අගමැතිවරයාට එය ලබා දීම අමතර බරක් යයි එල්ල වන චෝදනාද බැහැර කරයි.
එවන් ප‍්‍රකාශ මගින් කියන්නේ අගමැතිවරයාට අමාත්‍යංශ කිහිපයක් එක්ව මෙහෙයවීමට නොහැකි බවදැයි ප‍්‍රශ්න කල ඔහු රටේ නායකත්වයට පත් කිරීමට සූදානම් වන්නේ එවන් පුද්ගලයෙක්දැයි ඇසීය.
කෙසේ වෙතත් ඒ ආකාරයේ වාර්තාවන් මගින් සිදුවන්නේ අගමැතිවරයාගේ ප‍්‍රතිරූපයට හානි කිරීම බවත් ප‍්‍රකාශකයා කීය.
එසේම දෙසතියක් ඇතුලත එම ඇමති ධුරය සරත් ෆොන්සේකා මහතාට ලබා දීමක් සම්බන්ධයෙන් කිසිදු සාකච්චාවක් ජනාධිපති කාර්යාලයේ සිදු නොවන බවද අවධාරණය කලේය.
අදාළ අමාත්‍ය ධූරය ලබාදීමට අගමැතිවරයා යෝජනා කර ඇත්තේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට බවත්, එම ධූරය ඔහුට ලබාදීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇමතිවරුන් විරෝධය දැක්වීම නිසා එම අර්බුදය විසඳාගන්නා තෙක් අගමැතිවරයා එම අමාත්‍යංශය බාරගෙන ඇති බව පැවසේ.
කෙසේවුද, ෆොන්සේකා මහතාට අදාළ අමාත්‍ය ධූරය ලබා නොදෙන්නයි පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද, නාහිමිවරු කිහිපනමක් හා සිවිල් ක්‍රියාකාරීන් ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.