BREAKING NEWS
latest

728x90

468x60

Monday, February 12, 2018

2020 ජනපතිවරණයටත් සුදානම්? - ගෝඨා මවුබිමට

විදේශගතව සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද උදෑසන මවුබිමට පැමිණියා, ඒ ඔහු පෞද්ගලික අවශ්‍යතාවයක් සදහා සිදු කළ ඇමෙරිකානු සංචාරය නිමා කරමින්.

පළාත් පාලන මැතිවරණයෙන් ඒකාබද්ධ විපක්ෂ සහය දුන් පොදුජන පෙරමුණ බහුතර පළාත් පාලන ආයතන ගණනක බලය තහවුරු කර ගනිමින් ජයග්‍රහනය කළ අතර සැම දෙනාගේම අවදානය යොමුව තිබෙන්නේ 2020 වසරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය කෙරෙහියි.

2020 ජනාධිපතිවරණයට ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂකයා ලෙස එක් වීමට නියමිත අපේක්ෂකයා බොහො දුරට ගෝඨාභය රාජපක්ෂ විය හැකි බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරනවා. ඒ සදහා බාධාවක් වූ සිය ග්‍රීන් කාර්ඩ් ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීමට ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකා එක්සත් ජනපදයේදි ලියකියවිලි භාර දුන් බවටත් දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

මේ අතර උත්තරීතර මාතෘභූමියේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා එකා මෙන් කැපවීමෙන් පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය උදෙසා දැක්වූ සහයෝගයට සියලුම ශ්‍රී ලාංකිකයන්ට තම ගෞරවාන්විත ප්‍රණාමය පුදකරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුවේ සඳහනක් කර ඇත.

ජනතාව සැමදාමත් රැවටිය නොහැකි බව මෙම ජයග්‍රහණයෙන් මැනවින් පිළිබිඹු වන බව ප්‍රකාශ කරන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එම සටහන අවසන් කර ඇත්තේ 'ඔබ සැමට සුබ අනාගතයක් පතමි' යනුවෙන්ද සඳහන් කරමිනි.
« PREV
NEXT »