Monday, February 12, 2018
Home
Gossip Lanka News
ජනපතිගේ එකඟතාවයෙන් එජාප තනි ආණ්ඩුවක්.
ජනපතිගේ එකඟතාවයෙන් එජාප තනි ආණ්ඩුවක්.
-
Monday, February 12, 2018
එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එකඟතාව ලැබී ඇතැයි වාර්තාවේ.
ඊයේ (11දා) රාත්‍රියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් පැවැති අතර, එහිදී ජනාධිපතිවරයා මෙම එකඟතාවට පැමිණ තිබේ.
එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්තිවලින් සමන්විත එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් වහාම නිර්මාණය කරන ලෙස එක්සත් ජාතික පක්‍ෂ අමාත්‍යවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ(11දා) පස්වරුවේදී දැනුම්දී තිබිණි.
එක්සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය එක්ව තවදුරටත් ජාතික ආණ්ඩුවක් පවත්වාගෙන යා නොහැකි බවත්, එබැවින් වහාම එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් නිර්මාණය කරන ලෙසත් අමාත්‍යවරුන් විසින් මෙහිදී ඉල්ලා තිබිණි.
එය එක්සත් ජාතික පක්‍ෂයේ දැක්මක් සහ ආර්ථික ප්‍රතිපත්තිවලින් සමන්විත ආණ්ඩුවක් විය යුතු බවද මෙහිදී අමාත්‍යවරුන් අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කර තිබේ.
ජාතික ආණ්ඩුවක් සඳහා එක්සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රීලංකා නිදහස් පක්‍ෂ අතර පැවැති ගිවිසුම පසුගිය දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ බැවින් ඕනෑම අවස්ථාවක වෙන්ව තනි ආණ්ඩුවක් නිර්මාණය කරගැනීමේ අවස්ථාව පක්‍ෂ දෙකටම පවතී.
වගකීම මා දරනවා - ජනපති
නිදහස් පක්ෂය මෙම ඡන්දයේදී ලත් ප්‍රතිපලය පිළිබඳ වගකීම සම්පූර්ණයෙන්ම තමන් දරණ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටී. ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් ඊයේ(11) දිනයේ හමුවූ අවස්ථාවේදී ජනපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...