BREAKING NEWS
latest

728x90

468x60

Saturday, February 24, 2018

ෆොන්සේකාට පොලීසිය දීමට ශ‍්‍රීලනිපය විරුද්ද වේ

ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීලර්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යංශය බාර දෙන ලෙස එක්සත් ජාතික පක්‍ෂය විසින් ජනාධිපතිවරයාට යෝජනා කර ඇත.

ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් රැසක් එම යෝජනාවට විරෝධය පල කර ඇති බවද වාර්තා වෙයි.

ඒ, ෆොන්සේකා මහතා එම තනතුර හිතුවක්කාරී ලෙස භාවිතා කරමින් කටයුතු කිරීමේ අවධානමක් ඇති බැවින් බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

කෙසේ නමුත් කැබිනට් සංශෝධනය එළඹෙන ඉරිදා පෙරවරුවේ සිදුකරන බව ද ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කර සිටියි.
« PREV
NEXT »