BREAKING NEWS
latest

728x90

468x60

Saturday, February 24, 2018

මතින් ගම මුදාගැනීම අරඹා අවසන් - ජනපති

සාමකාමී ශ්‍රී ලාංකීය සමාජයක් ස්ථාපිත කිරීම උදෙසා ග්‍රාමීය ප්‍රජාවගේ දායකත්වය ලබා ගැනීමේ අරමුණින් 'මතින් නිදහස් රටක්' ජාතික වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක 'ගම හදා ගමු' ග්‍රාමීය මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ ලංකාවේ සියලූම ගම්මානවල ප්‍රජා පොලිස් කමිටු මූලික කර ගෙන මත්ද්‍රව්‍ය වැටලීම් පුනරුත්ථාපන හා නිවාරණ කටයුතු මේ වන විටත් ආරම්භ කොට ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව පැවසූවේ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පැවැත් වුණ 'ගම හදා ගමු' ග්‍රාමීය මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

ඉදිරියට ද මෙම වැඩසටහන සාර්ථක කැර ගැනීමට රටට ආදරය කරන සියලූ ජනතාව එකාවන්ව පෙළගැසෙනු ඇති බවට ද ජනාධිපතිතුමා විශ්වාසය පළ කෙළේය.

පසුගිය වසර දහයකට ආසන්න කාලයක් මත්ද්‍රව්‍ය පාලනය, මර්දනය,නිවාරණය සම්බන්ධයෙන් ගෙන ගිය මෙවැනි වැඩසටහන් තුළින් මේ වන විට ජයග්‍රහණ රාශියක් අත්කර ගෙන ඇති අතර පසුගිය අවුරුදු කිහිපය තුළ දුම්පානය අඩුවීම පැහැදිලිව පෙන්වන සාක්කියක් බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වගේම එය මේ රටේ ජනතාව ලැබු විශිෂ්ඨ ජයග්‍රහණයක් බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

අැමැතිවරුන් වන රාජිත සේනාරත්න, ජෝන් සෙනෙවිරත්න, තලතා අතුකෝරළ, මහින්ද අමරවීර, නියෝජ්‍ය අැමැති කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන් ඇතුළු මැතිඇමතිවරු පිරිසක් ද, රත්නපුර දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරු, අධ්‍යාපන අධ්‍යක්ෂවරු ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
« PREV
NEXT »