BREAKING NEWS
latest

728x90

468x60

Friday, February 23, 2018

වසර දෙකක් හිටපු ක්‍රීඩා ඇමති මෙලෝ දෙයක් නොකළ ලොව ජයගත් ලුෂන්ට නිවාස ඇමති නිවසක් ප්‍රධානය කරයි

ශ්‍රී ලාංකික කායවර්ධන ශුරයෙකු ලෙස ජාත්‍යන්තර කුසලාන හා රන් පදක්කම් වැඩිම සංඛ්‍යාවක් දිනා ඇති ලූෂන් ඇන්ටන් පුෂ්පරාජ් වෙත මොරටුව අඟුලාන “සයුරුපුර” මහල් නිවාස සංකීරණයේ රුපියල් ලක්‍ෂ 42 ක් වටිනා නවීන නිවසක් පරිත්‍යාග කිරීම පසුගියදා (21) සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

ඒ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදීයි.

ඇමරිකාවේ පැවති මිස්ටර් ඇට්ලස් තරඟාවලියේ 4වන ස්ථානය දිනාගන්නට ද ලූෂන් සමත්වුනේ ලෝක කායවර්ධන පිටියේ සිය නාමය ඉහලින් සනිටුවහන් කරමින්.

පසුගිය කාලයේ දැනට අතුරුදන් වී සිටින ක්‍රීඩා ඇමති දයාසිරි ක්‍රීඩකයන් සමග ගැටුම් ඇතිකරගත්තා පමණක් වන අතර ලුෂන්ට කුහක කායවර්ධන සංගමයෙන් දමා ඇති තහනමවත් ඉවත් කර දීමට ඔහු ඉදිරිපත් නොවූ අතර ලෝකය දිනා ලංකාවට එන ලුෂන්ගේ පදක්කම අත ගගා මාධ්‍යට පෙනෙන්නට පොටෝ ගහන්නටනම් ඔහු අමතක කලේ නැත.

එසේම රටට අසීමිත කිර්තිකයක් ගෙන දුන් සුසන්තිකා ලසිත් මාලිංග වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග ගැටුම් ඇතිකරගත් අතර මාලිංග මේ වන විට හේතුවක් නොමැතිව කණ්ඩායමෙන් ඉවත් කර සිටින්නේ මොහුගේ යටිකුට්ටු සැලැස්මක් අනුව බවයි තතු දන්නෝ පවසන්නේ. අද ඔහු ක්‍රීඩා ඇමතිද යන්න කිසිම කෙනෙකු නොදන්නා අතර ලංකා ඉතිහාසයේ අසාර්ථකම ක්‍රීඩා ඇමතිවරයා ලෙස ඔහු ඉතිහාස ගතවන්නේ කටින් බතල හිටවූ තම හිතවතුන්ට සංග්‍රහා කරමින් ක්‍රිකට් ක්‍රීඩාවද විනාශයට පත් කල අයකු ලෙසයි.

එවන් පසුබිමක් තුල පක්ෂ බේදයකින් තොරව මැදිහත් මනසින් බලන්නන් ලෙස යම් වගකිව යුත්තෙක් ලුෂන් හට නිවසක් ප්‍රධානය කිරීමට ඉදිරිපත්වීම පිළිබද නිවාස ඇමතිවරයාට ස්තුතිවන්ත විය යුතුයි.
« PREV
NEXT »