BREAKING NEWS
latest

728x90

468x60

Thursday, February 08, 2018

මෛත්‍රී - රනිල් හිටියොත් අපි ඉවරයි මොකක් හරි කරන්න – කුප්‍රකට ව්‍යාපාරිකයින් මහින්ද ළඟ වැඳ වැටෙයි!

මැතිවරණය සමීපයටම පැමිණ තිබේ පක්ෂ විපක්ෂ විවිද මත සහ විවේචන හමුවේ මහජනතාව 2018 පළාත් පාලන මැතිවරණය සඳහා තම මතය ප්‍රකාශකිරීමට සිතමින් සිටින අවසාන මොහොත ලඟා වෙමින් පවතී. මෙවන් කාලසීමාවක අප තවත් හෙලිදරව්වකට සුදනාම් වන්නේ අපේ රටේ මජර දේශපාලනයට උල්පන්දම් දෙන ජනතාවගෙන්ම ගොඩනැගුනු මහා ව්‍යාපාරිකයින් ජනතාවටම එරෙහිව සිදු කරන ආත්මාර්ථකාමී ක්‍රියාදාමයක් සම්බන්ධවයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙනයන වංචා හා දුෂණ වලට විරෝධී ජනතාවාදී වැඩපිළිවෙල නිසා වඩාත්ම සිත් තැවුලට හා අපහසුතාවයට පත්ව සිටින්නේ වංචා දුෂණ වලට හවුල් වූ දේශපාලකයින් වන අතර ඔවුන් විවිධ කුමන්ත්‍රණ කරමින් දිවා රෑ උත්සාහ දරන්නේ තම වංචා දුෂණ යටපත් කිරීමට අවශ්‍ය පාලනයක් පත් කර ගැනීමටයි.

මජර දේශපාලකයින්ට අමතරව ජනාධිපතිතුමන්ට එරෙහිව නැගී සිටින්නේ ජනතාව හුරාගෙන කමින් මුදල් වෙනුවෙන් ඕනෑම දෙයක් පාවාදීමට සමත් ජනතාවට විෂ පොවන ව්‍යාපාරිකයින් පිරිසකි. එයට ප්‍රධාන හේතුව මෛත්‍රී ජනාධිපතිවරයා සහ අගමැති රනිල් පාලනයට ආ සැනින් ක්‍රියාත්මක කරන ලද අහිංසක ජනතාවට සෙත සලසන ව්‍යාපෘති වන මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන, පරිසර සංරක්ෂණ වැඩසටහන, වකුගඩු නිවාරණ වැඩසටහන, ආහාර සුරක්ෂිතතා වැඩසටහන ආදිය ක්‍රියාත්මක කිරීමයි. මේවා හේතුවෙන් නීතිවිරෝධී ලෙස ජනතාවට වස විස කවන්නට කටයුතු කරන කිරිපිටි සමාගම්, මාෆියා ඖෂධ සමාගම්, මෙන්ම පලිබෝධනාශක හා කෘමිනාශක සමාගම් සමගින් සිගරට් හා මත්ද්‍රව්‍ය,එතනෝල් නිෂ්පාධන, රසායනික පොහොර සමාගම් මේ වන විටත් ප්‍රමුකතාවය ගෙන ඇති බව වාර්තා වනවා.

මෙම කුප්‍රකට සමාගම් හිමිකරුවන් බිලියන ගණනින් රාජපක්ෂලාගේ දේශපාලන මෙහෙයුමට උපකාර කොට ඇති බවට ලිඛිත සාක්ෂි මේ වනවිට හෙළිදරව් වී පවතිනවා මෙම සමාගම් හිමිකරුවන් බැසිල් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ මෙන්ම නාමල් හා ශිරන්ති රාජපක්ෂලා හරහා මෙම මුදල් ලබා දී ඇති අතර පොහොට්ටුවේ අපේක්ෂකයින් 9,000කට අධික පිරිසකට එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් බෙදා දීමටත් ප්‍රධාන මැතිවරණ රැලි 22 කට එකකට රුපියල් ලක්ෂ 70ක් පමණ වියදම් කිරීමටත් අනෙකුත් කුඩා රැලි සහ අනෙකුත් වියදම් ලෙස තවත් ලක්ෂ ගණනාවකුත් වියදම් කොට ඇති බවට සාක්ෂි සමග හෙළිවී තිබේ. මේ සඳහා ලක්ෂ 15,000ක් පමණ වියදම් කර සියලු දෙනා ඉල්ලා ඇත්තේ හැකි ඉක්මනින් මෛත්‍රිපාල සිරිසේන ගෙදර යවා තම ව්‍යාපාර කටයුතු නිදහසේ කරගෙන යාමට අවස්තාව උදා කර දෙන ලෙසයි. 2020 දී මෛත්‍රී සහ රනිල් නැවත බලයට පත් වුවහොත් ඔවුන්ගේ නීති විරෝධී ව්‍යාපාර හා වත්කම් පවත්වාගෙන යාමට නොහැකිවන බව ඔවුන් පේනවා දී තිබේ.

මෙය කියවූ සැනින් දේශපාලකයින්ට කඩේ යන සමහරුන් දේශපාලනය ඉදිරියට දමා මෙය විවේචනය කරන්නට ඉඩ තිබුනත් මෙහි ඇත්ත නැත්ත දන්නෝ දනිති කියමින් මෙය අවසන් කරන්නේ මහින්දලා කොහොමත් ජනතාව ගැන හරි අමාරුවෙන් කතා කරත් ඇත්තටම ඔවුන් බලය වෙනුවෙන් ජනතාව උගසට තබා ගන්නා බව හා ජනතාව මුලා කරමින් ඕනෑම ජඩ වැඩකට සුදානම් බවට තව තවත් බුද්ද්ධිමත් ජනතාවට අවබෝධ කරවමිනි…
« PREV
NEXT »