Monday, February 12, 2018
Home
Gossip Lanka News
ආණ්ඩු පරාජයේ වගකීම ජීවන වියදම් කමිටුවේ ප්‍රධානියා මලික් මතට
ආණ්ඩු පරාජයේ වගකීම ජීවන වියදම් කමිටුවේ ප්‍රධානියා මලික් මතට
-
Monday, February 12, 2018
පළාත් පාලන මැතිවරණයේදී හවුල් ආණ්ඩුවේ පක්ෂ දෙකම ජනතාව ප්‍රතික්ෂේප කිරීමට මූලිකවම බලපෑ හේතුව වන්නේ ජීවන වියදම ඉහලයාම පාලනය නොකිරීම බවට මේවන විට එජාප හා ශ්‍රීලනිප අමාත්‍යවරුන් බහුතරයකගේ මතයවී ඇතැයි වාර්තා වේ.
ඒ තත්ත්වයට ජීවන වියදම් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අමාත්‍ය මලික් සමරවීර මහතා වගකිවයුතු බවට ද ඔවුන්ගෙන් චෝදනා එල්ලවී ඇතැයි වාර්තා වේ.
කෙසේවුවද, මේවන විට වැඩිවූ ජීවන වියදම සම්බන්ධයෙන් සොයා බලා හැකි උපරිම සහන ජනතාවට මුදා හැරීමට නව මුණුවරකින් කටයුතු කළ යුතු බවට එජාප නායකත්වයට යෝජනා කිරීමට පසුපෙළ මන්ත්‍රීවරුන් සූදානම් වන බවද පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
සමරවීර මහතා සැබෑ දත්ත කැබිනට්ටුවට මෙන්ම පක්ෂ නායකත්වයටද ලබාදී නැති බවටද මේවන විට එජාල පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා එල්ලවී තිබේ.
