මේ වන විට බදු ගෙවීම පැහැර හැරීම නිසා වසා දමා ඇති ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ සියලු ස්ථිර සහ කොන්ත්‍රාත් සේවකයන් පෙරදින එනම් 2018.02.20 දින සමාගම් පරිශ්‍රයට කැදවූ එහි මානව සම්පත් කළමනාකාරිනිය දන්වා ඇත්තේ ඔවුන්ගේ පෙබරවාරි මස වැටුප ලබා දීම අවිනිශ්චිත වුවත් කෙලෙස හෝ එය ලබා දීමට කටයුතු කරන බවටත් මාර්තු මස සිට වැටුප් ලබා දීමේ හැකියාවක් ඔවුනට නොමැති බැවින් සියළු සේවකයන්ට වෙනත් රැකියා අවස්ථා සොයා ගන්නා ලෙසටත්ය.
තම අනාගතය පිලිබඳ සේවක ප්‍රශ්න හමුවේ නිරුත්තර වී ඇති ඇයගේ අරමුණ වී ඇත්තේ ප්‍රධාන විධායක නිලධාරි සමග එක්ව සමීප ඥාතියකු වන ආරක්ෂක සහ බුද්ධි අංශ කළමනාකරු හරහා සේවකයන්ට තර්ජනය කරමින් කිසිදු වන්දි මුදලක් නොගෙවා තමන්ව සේවයෙන් නෙරපා හැරීම බවටත් සේවකයන් තැන තැන කතා වේ.
එසේම එම හමුවේදී මානව සම්පත් කළමනාකාරිනිය ප්‍රකාශ කර ඇත්තේ සමාගමේ විනාශයට හේතුව අර්ජුන් අලෝසියස්ගේ බැංකු ගනුදෙනු බවයි.
එම කතාව අවඥාවෙන් බැහැර කරන සේවකයන් පවසන්නේ ලබා දුන් උපරිම නිදහස තුල පාලනාධිකාරියේ හොරු රැල සමාගමේ වත්මන් විනාශයට වගකිවයුතු බවයි.
තවද සේවකයන් පවසන්නේ ආ දින පටන්ම පාලනාධිකාරියේ වගකීම් විරහිත ලෙස හා කළමනාකාරිත්ව මූලධර්ම හා පරිචයන්ට පටහැනිව පලිගැනීම් රැසක් සිදු කරමින් අකාර්යක්ෂම හා අත්තනෝමතික පාලනයක් ගෙන සේවකයන්ගේ අනාගතය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමු බවයි.
අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව සමාගම සිය සැපයුම්කරුන්වන්ටද මිලියන ගණනින් ගෙවීමට ඇති බවටද වාර්තා වන අතර මේ සියලු විනාශයන්ට වගකිව යුතු අය තවදුරටත් සේවකයන්ට පවසා ඇත්තේ සියල්ල යහපත් වීම උදෙසා පෙර මෙන් කැලණි විහාරයට ගොස් බෝධි පූජා පැවැත්වීමට කටයුතු කරන ලෙසටත්ය.
මන්දයත් පසුගිය මාසය පුරාම ඔවුන් ආයතනය වෙනුවෙන් එසේ බෝධි පූජා කිහිපයක්ම සංවිධානය කර පවත්වා ඇති නිසා ය.