Wednesday, February 21, 2018
Home
Gossip Lanka News
ජාතීන් අතර ගැටුම් ඇති කළ දේශපාලනඥයන් වෙනුවට, සංහිඳියාව වෙනුවෙන් කැපවන නායකයන් බිහි වෙලා - මංගල
ජාතීන් අතර ගැටුම් ඇති කළ දේශපාලනඥයන් වෙනුවට, සංහිඳියාව වෙනුවෙන් කැපවන නායකයන් බිහි වෙලා - මංගල
-
Wednesday, February 21, 2018
සිය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතින් අතර ගැටුම් නිර්මාණය කළ දේශපාලනඥයන් වෙනුවට, සංහිඳියාව වෙනුවෙන් කැපවන නායකයන් බිහිවී ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ඉතිහාසයේ ප්‍රථම වරට සංහිඳියාව පිළිබඳ අමාත්‍යාංශයක් පිහිටුවමින් සංහිඳියාව යථාර්ථයක් බවට පත් කිරීමේ කාර්යයට ආණ්ඩුව උර දී ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි. මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ ජාතික රූපවාහිනියේ නේත්‍රා නාලිකාව සංහිඳියාවේ නාලිකාව ලෙස ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ දී මෙම නාලිකාව ආරම්භ කෙරිණි.
වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා -
"නිදහස ලබා ගැනීම සඳහා ලාංකිකයන් හැටියට සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ කියන සියලු ජාතීන් සහ ඔවුන්ගේ නායකයන් සටන් කළත් අපේ අවසනාවට අපි ජාතින්, ආගම්, කුල, දේශපාලන වශයෙන් වෙන් වෙලා කුළල් කා ගත්තා. අවසානයේ අවුරුදු 30කට ආසන්න කාලයක් තිස්සේ ඇදී ගිය යුද්ධයකට මූණ පෑවා. තරුණ කැරලි දෙකකට මුහණ පෑවා.
ඒ නිසා ස්වීට්සර්ලන්තයක් බවට පත්වීමේ හැකියාව තිබුණ අපේ පුංචි රට ආසියාවේ ආපස්සට යන රටක් බවට පත් වෙමින් තිබුණ මොහොතක තමයි 2015 ජනවාරි මාසෙ 08 වෙනිද අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් රට අලුත් දිශාවකට යොමු වුණේ.
ජාතීන් ජාතීන් හප්පපු දේශපාලනය වෙනුවට අද අපේ ජනාධිපතිතුමා ඉතිහාසයේ ප්‍රථම වතාවට සංහිඳියාව සම්බන්ධයෙන් අමාත්‍යාංශයක් පිහිටුවලා ඒ අමාත්‍යාංශයත් තමන්ගෙ යටතේ තබා ගැනීම මම හිතන්නෙ ලෝකයට ප්‍රභල පණිවිඩයක් වුණා.
උතුරේ සිටින දෙමළ ජනතාව අදටත් නරඹන්නේ දකුණු ඉන්දියාවේ නාලිකා. නමුත් මේ අලුත් නාලිකාව ආරම්භ කිරීමත් සමග ඒ තත්ත්තවය වෙනස් කරල සංහිඳියාව කරා යන ගමනට විශාල පදනමක් මේ නාලිකාවට දමන්නට පුළුවන් වෙයි කියල මං හිතනවා.” යැයි අමාත්‍යවරයා පැවැසීය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...