Tuesday, February 06, 2018
Home
Gossip Lanka News
මිහින් ලංකා බලපත්‍රය අලෙවි කිරීමේ සූදානමක්?
මිහින් ලංකා බලපත්‍රය අලෙවි කිරීමේ සූදානමක්?
-
Tuesday, February 06, 2018
ව්‍යාපාරික කටයුතු අවසන් කළ මිහින් ලංකා ගුවන් සේවයේ ගුවන් ගමන් බලපත්‍රය අලෙවි කිරීමට සූදානමක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
එසේම ශ්‍රී ලංකා ගුවන් සමාගම, ශ්‍රී ලංකන් කේටරින් සමාගම හා මිහින් ලංකා ගුවන් සේවයේ සිදුවූ අක්‍රමිකතා සෙවීමට පත්කළ කොමිසම මගින් ශ්‍රී ලංකන් ගුවන් සේවයට මිලදී ගත් ගුවන් යානා ගිවිසුම අවලංගු කිරීම, මිහින් ලංකා ගුවන් සේවය අහවර කිරීමට ගත් ක්‍රියාවලිය පිළිබඳවද සොයා බැලිය යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එසේම ශ්‍රී ලංකාවේ ඉඩම් මැනීමේ කටයුතු ඇමෙරිකානු සමාගමක් වෙත පැවැරීමට දැනටමත් තීරණය කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
