BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, February 06, 2018

කටුනේරියේදී අගමැති ආරක්ෂක අංශයේ ඩිෆෙන්ඩරයේ ගැටී 5ක් රෝහලේ

අගමැති ආරක්ෂක කොට්ඨාසයට අයත් ඩිෆෙන්ඩර් රථයක් හා ත‍්‍රී රෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් 05 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව මාරවිල පොලීසිය පවසයි.


ඊය් (05) වැනිදා රාත‍්‍රී 10.00 ට පමණ හලාවත - කොළඹ මාර්ගයේ කටුනේරිය ප‍්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.

අනතුරින් තුවාල ලබා ඇත්තේ අගමැති ආරක්ෂක අංශයේ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු ලෙස සේවය කළ පොලිස්කො ස්තාපල් 20332 අමිල සම්පත් සහ ත‍්‍රී රෝද රථයේ ගමන් කරමින් සිටි බව කියන නව නුවර පාරලවැලිවේරිය පදිංචිකරුවන් වන කසුන් විශ්මිත මධුෂාන් නැමකි අවුරුදු 20 ක තරුණයෙක්, එල්.ආර්.විශ්ව නැමති වයස අවුරුදු 21 ක තරුණයෙකු, එල්.ආර්.ඉෂාන් විශ්මිත නැමති අවුරුදු 17 ක සහ එල්.ආර්.සමීර නැමති අවුරුදු 28 ක තරුණයින් බව අනාවරණය වී තිබේ.

තුවාලකරුවන් මාරවිල මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටීයි.

පුත්තලමේ පැවති අගමැතිවරයාගේ ජන රැළියක ආරක්ෂාවට පැමිණි විශේෂ කාර්ය බලකායේ සෙබළුන් පිරිසක් ඩිෆේන්ඩර් රථයේ ගමන් කරමින් සිට ඇත.

මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු පවත්වයි.
« PREV
NEXT »