BREAKING NEWS
latest

728x90

468x60

Monday, February 19, 2018

බහුතරය රනිල්ටයි - කිරිඇල්ලගෙන් මැතිසබයට අද ප්‍රකාශයක්‌

පාර්ලිමේන්තුව අද (19 දා) රැස්‌වීමෙන් අනතුරුව ආණ්‌ඩුවට ඇති බහුතර බලය පෙන්වා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ආණ්‌ඩුවේ වැඩකටයුතු ඉදිරියට පවත්වාගෙන යන බවට සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා විශේෂ ප්‍රකාශයක්‌ සිදුකිරීමට නියමිතය.


අගමැති රනිල් වික්‍රමසිංහ හා කථානායක කරු ජයසූරිය යන මහත්වරු ඊයේ (18 දා) පස්‌වරුවේ 


ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී සුහද සාකච්ඡාවක නිරතව තිබේ.

මෙහිදී ආණ්‌ඩුවට ඇති බහුතරය සහිත ලියවිල්ලක්‌ ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇත.

එම සාකච්ඡාවෙන් අනතුරුව එක්‌සත් ජාතික පෙරමුණේ නායකයන් හා මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක්‌ අරලියගහ මන්දිරයේදී පවත්වා තිබේ. ආණ්‌ඩුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ සාර්ථකව පවත්වාගෙන යැමට එහිදී සියලු දෙනා ප්‍රතිඥ දී තිබේ. සාකච්ඡාවෙන් අනතුරුව සියලු දෙනාම භෝජන සංග්‍රහයක්‌ පවත්වා ඇති අතර ඊට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 93 දෙනකු සහභාගි වී ඇත.

අකිත පෙරේරා
« PREV
NEXT »