BREAKING NEWS
latest

728x90

468x60

Monday, February 19, 2018

මෙමත්‍රීගෙ ආණ්‌ඩුවේ අගමැති ධුරයට සුසිල්ගේ නමත් - ශ්‍රීලනිප මහලේකම් ධුරයෙන් දුමින්ද දොට්‌ට...?

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවීමට බලාපොරොත්තු වන එජනිස ආණ්‌ඩුවේ අග්‍රාමාත්‍ය තනතුර සඳහා නිමල් සිරිපාලද සිල්වා මහතාගේ නමට අමතරව සුසිල් ප්‍රෙමජයන්ත් මහතාගේ නම ද යෝජනා වී ඇතැයි ශ්‍රීලනිප ආරංචි මාර්ග පවසයි. අභිනව කැබිනට්‌ මණ්‌ඩලය සඳහා නම් කිහිපයක්‌ යෝජනා වී ඇති අතර සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ජෝන් සෙනෙවිරත්න, රාජ්‍ය පරිපාලන අමාත්‍ය තනතුර සඳහා ආචාර්ය සරත් අමුණුගම නම් කර ඇතැයි පැවසේ. 


ජාතික ආණ්‌ඩු ගිවිසුමේ කාලය ඉකුත් වී ඇති නිසා නව කැබිනට්‌ මණ්‌ඩලයක්‌ සහ නව අග්‍රාමාත්‍යවරයකු පත්කර ගැනීම සඳහා 19 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයේ 40 සී වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම් සිදු කළ හැකිය.

නව ආණ්‌ඩුව පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සක්‍රිය දායකත්වයක්‌ සපයන්නේ නැති නමුත් පාර්ලිමේන්තුවේ එජාපයට ඇති බහුතර බලය ඉවත් කිරීම සඳහා එජනිස සමග බහුතර බලයට පොදුජන පෙරමුණ එක්‌වනු ඇතැයි පැවසේ. එසේ වුවත් ආණ්‌ඩුකරණය සඳහා කිසියම් ආකාරයක හෝ සම්මුතියකට පොදුජන පෙරමුණ සහ එජනිස එක්‌ නොවනු ඇත. මේ අතර ශ්‍රීලනිපයේ ප්‍රධාන ලේකම් තනතුරින් දුමින්ද දිසානායක මහතා ඉවත් කරන ලෙස එම පක්‌ෂයේ මධ්‍යම කාරක සභිකයන් පිරිසක්‌ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවද පැවසේ.
« PREV
NEXT »