BREAKING NEWS
latest

728x90

468x60

Friday, February 23, 2018

විපක්‍ෂය ජාතික ආණ්‌ඩුවේ අලුත් ලියවිල්ල ඉල්ලයි - Joint Opposition

ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවීම සඳහා එක්‌සත් ජාතික පක්‌ෂය එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය අත්සන් කළ අලුත් ලියවිල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි විපක්‌ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම ඉල්ලා සිටිද්දී ජාතික ආණ්‌ඩුව පිහිටුවීමේ යෝජනාව නීත්‍යානුකූල බවට තමන්ට නීති උපදෙස්‌ ලැබී ඇතැයි කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (22දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

විසින් ජාතික ආණ්‌ඩුව පවත්වාගෙන යන බවට කළ ප්‍රකාශයන්ට අමතරව තමන්ද මේ පිළිබඳ නීති උපදෙස්‌ ලබා ගත් බව කථානායකවරයා කීවේය. 

ඒකාබද්ධ විපක්‌ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා මතු කළ රීති ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කථානායකවරයා මේ බව කීවේය.

දිනේෂ් ගුණවර්ධන මහතා - 

ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවීමේ යෝජනාවක්‌ පාර්ලිමේන්තුවට තවම ලබාදී නෑ. ලියවිල්ලක්‌ තිබේ නම් තමයි මේ යෝජනාව වලංගු වන්නේ. දෙපාර්ශ්වයේ ලේකම්වරුන් මේ ලියවිල්ල කථානායකතුමාට ඉදිරිපත් කළ යුතුයි. ලියවිල්ලක්‌ නැතිව මන්ත්‍රීවරුන් පනස්‌ දෙනකුට ඇමැති ධුර දුන්නාම තවත් මන්ත්‍රී පිරිසකට ගැටලුවක්‌ මතු වෙනවා. මේ ගිවිසුම රහස්‍ය ලේඛනයක්‌ නම් එය කථානායකට දෙන්න. එවිට අවශ්‍ය මන්ත්‍රීවරුන්ට එය බලාගන්න පුළුවන්. ලියවිල්ලක්‌ නැත්නම් එය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝනය කිරීමක්‌. 

සභානායක ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා - 

අගමැතිතුමා ඊයේ ජාතික ආණ්‌ඩුව ගැන ප්‍රකාශයක්‌ කළා. එජනිස මහ ලේකම්වරයාත් ප්‍රකාශයක්‌ කළා ජාතික ආණ්‌ඩුවක්‌ තිබෙන බව. එසේ තිබියදී මෙහෙම ප්‍රශ්න කරන එක අසාධාරණයි.

ඩලස්‌ අලහප්පෙරුම මහතා - 

දිනේෂ් ගුණවර්ධන කියන්නේ එජනිස උප සභාපතිවරයෙක්‌. ඔහුත් මේ ගැන දන්නෙ නෑ. අපි ඉල්ලන්නේ මේ ගිවිසුම දෙන්න කියලා.

චන්ද්‍රසිරි ගජධීර මහතා - 

ලිත එකඟතාව සභාගත කරන්න. එහෙම නොවුණොත් ඇමැති ධුර වගේම කථානායක ධුරයෙත් වලංගුතාවයක්‌ නෑ. 

කථානායක - 

ඒක ප්‍රශ්නයක්‌ නෑ. මේ ගැන මට නීති උපදෙස්‌ ලැබී තිබෙනවා. ඒ අනුව ජාතික ආණ්‌ඩුව නීත්‍යානුකූලයි.
« PREV
NEXT »