BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, February 13, 2018

මහින්ද මහ ඡන්දයක්‌ ඉල්ලයි - Mahinda Rajapaksa

ජනමතයට ගරු කරමින් ආණ්‌ඩුව වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යා යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා සඳහන් කළේය.

වහාම මහ මැතිවරණයට ගොස්‌ ජනතාවට තීන්දුවක්‌ ගැනීමේ අවස්‌ථාව ලබාදිය යුතු බවට පැහැදිලි පණිවුඩයක්‌ පළාත් පාලන මැතිවරණයෙන් ජනතාව ලබාදී ඇතැයිද රටේ පවතින අස්‌ථාවර භාවය නැති කිරීමට දැන් තිබෙන හොඳම ක්‍රියාමාර්ගය මහ මැතිවරණයකට ගොස්‌ ස්‌ථාවර ආණ්‌ඩුවක්‌ පිහිටුවීම බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

රටේ විශ්වාසයක්‌ නොමැතිව ආණ්‌ඩු කිරීමට නොහැකි බව පැවැසු මහින්ද රාජපක්‌ෂ මහතා වත්මන් ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන් සම්බන්ධ කරගෙන ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට බලාපොරොත්තු නොවන බවත්, ඔළු ගෙඩි මාරු කර කුමන්ත්‍රණ කර ආණ්‌ඩු පිහිටුවීමේ අවශ්‍යතාවක්‌ නැති බව මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේය.

ජනතාව විසින් ආණ්‌ඩුවක්‌ ප්‍රතික්‌ෂේප කළ පසු ආණ්‌ඩුව ඒ පිළිබඳව තීරණයක්‌ ගත යුතු බව පැවසූ හිටපු ජනාධිපතිවරයා ආණ්‌ඩුවට තවදුරටත් බලයේ සිටීමට සදාචාරාත්මක අයිතියක්‌ නැතැයිද සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ විශිෂ්ට ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වීමට බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‌ෂ කාර්යාලයේදී ඊයේ (12දා) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්‌වෙමින් හිටපු ජනාධිපතිවරයා එසේ පැවසීය.
« PREV
NEXT »