BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, February 13, 2018

ප්‍රසාද මන්ත්‍රී ධුර පිරිනැමීමේ අසාධාරණයට එරෙහිව උසාවි යනවා - පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි - Sisira jayakody

පළාත් පාලන මැතිවරණයේදී ප්‍රසාද මන්aත්‍රී ධුර ලබාදීමේදී දැඩි අසාධාරණයක්‌ සිදු වී ඇති බවත් එයට එරෙහිව අධිකරණයට යන බවත් ඒකාබද්ධ විපක්‌ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා ඊයේ (12දා) පැවසීය.

පළාත් පාලන මැතිවරණයේදී මහර ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය බල ප්‍රදේශයේ කොට්‌ඨාස 32 න් 31 ක්‌ම ජයග්‍රහණය කර ඇතත් ප්‍රසාද ආසන හිමි නොවී එක්‌ කොට්‌ඨාසයක්‌ ජය ගත් එක්‌සත් ජාතික පක්‌ෂයට මන්ත්‍රී ධුර 14 ක්‌ ලැබී ඇතැයිද කීවේය.

ඒ ආකාරයෙන්ම කැලණිය බල ප්‍රදේශයට අයත් කොට්‌ඨාස 23 න් 21 ක්‌ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර තිබියදී ප්‍රසාද මන්ත්‍රී ධුර නොදී එක්‌සත් ජාතික පක්‌ෂයෙන් ඡන්ද 200 කට වඩා අඩු ඡන්ද සංඛ්‍යාවක්‌ ලබාගත් තිදෙනකු ප්‍රසාද ලැයිස්‌තුවෙන් තේරී පත්ව ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

මේ ආකාරයෙන් ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ලබාගත් ජයග්‍රහණය සඳහා ප්‍රසාද මන්ත්‍රී ධුර ලබාදීමේදී දැඩි අසාධාරණයක්‌ සිදුව ඇති බවත් මේ ගැන විමසා බලා ඉදිරියේදී අධිකරණයට යන බවත් සිසිර ජයකොඩි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
« PREV
NEXT »