BREAKING NEWS
latest

728x90

468x60

Monday, February 19, 2018

ඔය කියන කතා මුකුත් වෙන්නෙ නෑ - මෛත්‍රී - රනිල් දීගය ඉදිරියටම - බදාදා කැබිනට් සංශෝධනයක්


පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු ශ්‍රී ලාංකීය දේශපාලන භූමිය දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තා. ඒ කිසිවෙකුත් නොසිතූ අන්දමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාසකත්වයේ රැඳී සිටිමින් සහයෝගය දක්වන පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණයෙන් අතිවිශාල ජයග්‍රහණයක් ලැබීම නිසයි.


එයින් පසු ගත වූ සතිය පුරාම පුවත්පත්, අන්තර්ජාලය ජනමාධ්‍ය තුළ විවිධ මාතෘකා ඔස්සේ විවිධ වූ පුවත් වාර්තා වූ අතර ජනතාවටද ප්‍රධාන මාධ්‍ය වල වාර්තා වූ පුවත් වාර්තාද විශ්වාස කිරීමට නොහැකිතත්වයක් මේවන විට උදා වී ඇත.

විවිධ මාතෘකා කරළියට ගෙන වෙමින් උණුසුම්කාරී වූ දේශපාලන වාතාවරණය තුළ ඇතැම් දේශපාල කාක්කන් විසින් තමන්ගේ ව්‍යාපාරික අවශ්‍යතා ඉටු කරගැනීමට පිඹුරුපත් සකස් කෙරුණා.

අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් පවතින ගැටලුව නිරාකරණය වී නොමැති තත්ත්වයක් තුළ අද පෙරවරුවේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමේදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මතුවීමට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

විශේෂයෙන් පළාත් පාලන මැතිවරණයෙන් පොහොට්ටුව ජයග්‍රහණය ලැබූ අවස්ථාවක පාර්ලිමේන්තුව පළමුවරට අද රැස්වීම මේ උණුසුම වඩාත් තීව්‍ර කිරීමට හේතුවක් වනු ඇතැයිද පැවැසේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට බහුතරයක් තිබෙන බව පෙන්වීමට එක්සත් ජාතික පක්ෂය උත්සාහ කරන අතර නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාට බහුතරය ඇති බවට පෙන්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය උත්සාහ කරන අතර ඊයේ සවස වනතුරුත් ඒ පිළිබඳ සාර්ථකත්වයක් දෙපාර්ශ්වයම අත්කර ගෙන නොතිබුණු බව වාර්තා විය. එම තත්ත්වය බොහෝ දුරට අද පාර්ලිමේන්තුවේදී සාකච්ඡා වීමට ඉඩ තිබීමද උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවීම තවත් හේතුවක් වී තිබේ.

කැබිනට් මණ්ඩල සංශෝධනයක් බදාදා

මේ අතර කැබිනට් මණ්ඩල සංශෝධනයක් බදාදා (21) සිදුකෙරෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.



පවතින දේශපාලන ගැටලුව විසඳාගැනීමෙන් පසුව නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.


ජාතික ආණ්ඩුව තවදුරටත් ක්‍රීයාත්මක වුවහොත් කැබිනට් සහ කැබිනට් නොවන ඇමතිවරුන්ගේ සංඛාවේ වෙනසක් සිඳු නොවන අතර ඇමතිවරුන්ගේ විෂය සංශෝධනයක් පමණක් සිඳුකෙරෙනු ඇතැයි වාර්තාවේ.

එහෙත් ජාතික ආණ්ඩුවක් නොවන අවස්ථාවකදී කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව 30කට සීමාවී කැබිනට් නොවන අමාත්‍යධූර සංඛ්‍යාව45 ක් විය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වැනි සංශෝධනයේ සඳහන් වේ.

මෛත්‍රී - රනිල් දීගය ඉදිරියටත්

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්ව ඉදිරියට කටයුතු කරනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවැසීය.

පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දුර්වලතා හේතුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම ඒකාබද්ධ විපක්ෂය සමග එක්වෙනු ඇති බවත් ඔහු පැවැසීය.


පසුගිය දින කිහිපයේදී පෙන්වූයේ බොරු රංගනයක් බවත් ඔහු සඳහන් කළේය.
« PREV
NEXT »