පළාත් පාලන මැතිවරණය අවසන්වී සතියක් ඉක්‌ම ගියත් තාමත් කඹ ඇදගන්නවා. රටේ ජනතාව මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවායෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.Monday, February 19, 2018
Home
Gossip Lanka News
රටම අක්‍රීය වෙලා දැන් ආණ්‌ඩුවක් තියෙනවාද හිතා ගන්නවත් බැහැ - මහින්ද
රටම අක්‍රීය වෙලා දැන් ආණ්‌ඩුවක් තියෙනවාද හිතා ගන්නවත් බැහැ - මහින්ද
-
Monday, February 19, 2018
පළාත් පාලන මැතිවරණය අවසන්වී සතියක් ඉක්‌ම ගියත් තාමත් කඹ ඇදගන්නවා. රටේ ජනතාව මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවායෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.
හෙතෙම වැඩිදුරටත් මෙසේද පැවසීය.
දැන් ආණ්‌ඩුවක් තියෙනවාද කියලා හිතන්නවත් බැහැ. අගමැති තනතුර පිළිබඳව විවිධ කතා පැතිරෙනවා. රටේ පළාත් සභා අක්‍රීය වෙලා. මේ ගොල්ලෝ මොකද මේ කරන්නේ. පනත් සම්මත කරගෙන තිබෙන ආකාරයේ වැරැද්දක් පෙනෙනවා. රටේ ආර්ථිකය කඩා වැටිලා. පළාත් පාලන ආයතනවල සේවය වැටුපට සීමා නොකර ගරු සේවයක් ලෙස සලකා වැටුප් නොගෙන සේවය කරන්නැයි ආණ්‌ඩුව කියා තිබෙනවා.
පළාත් සභා සංසදය මට දැනුම් දුන්නා පළාත් පාලන ආයතනවලට එවැනි නීතියක් දානවානම් කැබිනට් මණ්‌ඩලයත් පඩි නැතිව ගරු සේවයක් ලෙස සලකා වැඩකරන්න කියලා. ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා.
ආණ්‌ඩුවේ වැඩ කතාවට පමණක් සීමාවෙලා ඡන්දෙන් පස්‌සෙත් තාමත් කඹ ඇද ඇද ඉන්නවා. හැම පැත්තෙන්ම තැලෙන්නේ අහිංසක ජනතාව.
නෝමන් පලිහවඩන