කුෂාන් සුබසිංහ - දිවයින
Wednesday, February 14, 2018
Home
Maithripala Sirisena
අගමැතිකමෙන් යන්න; මෛත්‍රී රනිල්ට කියයි - Maithripala Sirisena
අගමැතිකමෙන් යන්න; මෛත්‍රී රනිල්ට කියයි - Maithripala Sirisena
-
Wednesday, February 14, 2018
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් වී වෙනත් අයකු අගමැති ධුරයට පත් කර ආණ්‌ඩුව කර ගෙන යන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (12 දා) අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ජනාධිපති නිල නිවසේදී පෙරේදා රාත්‍රී අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර පැවැති හමුවේදී ජනාධිපතිවරයා එම ඉල්ලීම කර ඇති බව රජයේ ආරංචිමාර්ග දිවයිනට ඊයේ ප්‍රකාශ කළේය.
අගමැති ධුරය සහ කැබිනට් මණ්‌ඩලයේ සංශෝධනයක් සිදු කළ යුතු බවත් එසේ නොවන්නේ නම් ශ්‍රීලනිප පාර්ශ්වය ආණ්‌ඩුවේ රැඳී සිටින්නේ නැති බවත් ජනාධිපතිවරයා අගමැතිවරයාට පවසා තිබේ.
එක්‌සත් ජාතික පක්‍ෂ කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් පෙරේදා වෙන වෙනම අරලියගහ මන්දිරයේදී හමුවී සාකච්ඡා කිරීමෙන් පසුව අගමැතිවරයා ජනාධිපතිවරයා සමඟ මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත.
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 46 වගන්තියට අනුව අගමැතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නැත.
කුෂාන් සුබසිංහ - දිවයින
කුෂාන් සුබසිංහ - දිවයින
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...