BREAKING NEWS
latest

728x90

468x60

Saturday, February 03, 2018

වේදිකාවේ සිට පොලිසියට අපහාස කළ අපේක්‌ෂකයා අල්ලන්න නියෝග : Police

බේරුවල නගර සභාවට ස්‌වාධීන කණ්‌ඩායමෙන් තරග වදින ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන මසාහිම් මොහොමඩ් නමැත්තා ප්‍රසිද්ධ පළාත් පාලන මැතිවරණ වේදිකාවකදී පොලිසියට තර්ජනය කරමින් හා අපහාස වන අයුරින් බැණවදින ලදැයි බේරුවල පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව ඊයේ ද සවස සලකා බැලූ කළුතර අතිරේක මහෙස්‌ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා සැකකාර ඡන්ද අපේක්‌ෂකයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළේය.

බේරුවල නගර සභා මැතිවරණ ප්‍රචාරක රැලියට ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍ර ලබාගෙන එම බලපත්‍ර නීති රීති උල්ලංඝනය කළ බව කියන ඩික්‌සන් අන්වර් නමැත්තාද අත්අඩංගුවට ගන්නා ලෙස ද මෙහිදී විනිසුරුතුමා වරෙන්තු නිකුත් කළේය.

ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කිරීමේ කාලය ඉක්‌මවා පැයකටත් අධික කාලයක්‌ නීති විරෝධී ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කරමින් මැතිවරණ කටයුතුවල යෙදෙන විට එම රැස්‌වීම අත්හිටුවන ලෙස -බේරුවල පොලිසියේ උප පොලිස්‌ පරීක්‌ෂක සිසිර මහතා ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමක්‌ ඉල්ලා සිටියදී සැකකරු මෙසේ පොලිසියට ද්‍රවිඩ භාෂාවෙන් බැණවැදී ඇතැයි බේරුවල පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක ජනක විතාන මහතා අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්‌විණි.

පොලිස්‌ කොස්‌තාපල් (36574) නගුලේෂන් මහතා මේ පිළිබඳ පොලිසියට වාර්තා ඉදිරිපත් කර ඇතැයි නඩු මෙහෙයුම් අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‌ෂක චන්දන තෙන්නකෝන් මහතා අධිකරණයට කරුණු වාර්තා කළේය.
« PREV
NEXT »