BREAKING NEWS
latest

728x90

468x60

Saturday, February 03, 2018

අර්ජුන ඇතුලු 3 ක් බැඳුම්කර ගනුදෙනුවේ සැකකරුවන් කරයි : Arjuna Mahendran

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරිස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන මහත්වරුන් මහබැංකු බැදුම්කර වංචාවට අදාළව අධිකරණය මගින් සැකකරුවන් ලෙස අද ඊයේ (02) කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය විසින් ඔවුන් මෙලෙස සැකකරුවන් ලෙස නම්කර ඇත.

මේ වනවිට සිංගප්පූරුවේ සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට ලබන 15 වැනිදාට පෙර මෙරටට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන ලෙස ද අධිකරණය වැඩිදුරටත් නියෝග කළේය.

මේ අතර පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට අයත් ආයතන 24 ක බැංකු ගිණුම් අත්හිටුවීමට ගත් තීරණය ද ඊයේ දිනයේදී දිර්ඝ කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපතිවරයා විසින් කරන ලද ඉල්ලීම සලකා බැලු කොළඹ මහාධිකරණය එම නියෝගය කළේය.

මහ බැංකුවේ මුල්‍ය විමර්ශණ අංශයේ අධ්‍යක්ෂවරයා විසින් පසුගියදා පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට අයත් ආයතන 24 ක බැංකු ගිණුම් අත්හිටවනු ලැබීය.

මෙම ගිණුම් අත්හිටුවීමේ තීන්දුව දින 30 ක් සඳහා වලංගු වන අතර එය නැවත අලුත් කිරීමේ හැකියාව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ නිවේදනයක් මගින් ප්‍රකාශ කළේය.
« PREV
NEXT »