Thursday, February 15, 2018
Home
Gossip Lanka News
ජනපති - අගමැති හමුවේදී - රංජන්ගෙන් ආණ්‌ඩුවට දොස් - Ranjan Ramanayake
ජනපති - අගමැති හමුවේදී - රංජන්ගෙන් ආණ්‌ඩුවට දොස් - Ranjan Ramanayake
-
Thursday, February 15, 2018
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (13 දා) සවස පැවති එක්‌සත් ජාතික පක්‌ෂ කැබිනට් ඇමැතිවරුන්ගේ හමුවට අගමැතිවරයාගේ විශේෂ අවසරය මත සහභාගි වූ නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ආණ්‌ඩුව දැඩි ලෙස විවේචනයට ලක්‌කරමින් පළාත් පාලන මැතිවරණයේදී එ.ජා.ප. ය පරාජය වීමට හේතු දක්‌වා ඇත.
රටේ මහජනතාව දැඩි ආර්ථික අර්බුද මැද දුක්‌විඳිද්දී මැති ඇමැතිවරුන්ට අලුත් වාහන මිලදී ගැනීම, මන්ත්‍රී දීමනාව ඉහළ නංවා ගැනීම ඇතුළු ජනතා අප්‍රසාදයට ලක්‌වන කටයුතුවල නිරතවීම මෙම පරාජයට ප්‍රධාන ලෙසම බලපෑ බව සඳහන් කර ඇති නියෝජ්‍ය ඇමැතිවරයා අලුතින් රථවාහන මිලදී ගත් එ.ජා.ප. මැති ඇමැතිවරුන්ගෙන් ඒවා වහාම අමාත්‍යාංශවලට භාර දෙන ලෙස ද ඉල්ලා ඇත.
විවිධ චෝදනා සම්බන්ධව සිදුකරන විමර්ශනවලට බලපෑම් එල්ල කරමින් දුරකථන ඇමතුම් ලබාදීම නතර කරන ලෙසටත් ධුරයෙන් ඉවත් කළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමසාරිස්‌වරිය යළි සේවයේ පිහිටුවන ලෙසටත් රංජන් රාමනායක ඇමැතිවරයා විසින් යෝජනා කර තිබේ.
තේ, පොල්, රබර් වගාවන් සඳහා පොහොර සහනාධාරය අඛණ්‌ඩව ලබාදෙන ලෙසත් මෙහිදී හෙතෙම ඉල්ලා තිබේ.
නියෝජ්‍ය ඇමැතිවරයා කළ යෝජනා සම්බන්ධව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සිය එකඟතාව පළ කර ඇත.
නෝමන් පලිහවඩන
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...