Thursday, February 15, 2018
Home
Gossip Lanka News
මං අගමැති වෙනවා පිලිගැනීමේ උත්සව සූදානම් කරන්න කියා නිමල් සිරිපාල ද සිල්වා අගමැතිකමට වාලුකාරමයෙන් ආශිර්වාද ගනී - Nimal Siripala de Silva
මං අගමැති වෙනවා පිලිගැනීමේ උත්සව සූදානම් කරන්න කියා නිමල් සිරිපාල ද සිල්වා අගමැතිකමට වාලුකාරමයෙන් ආශිර්වාද ගනී - Nimal Siripala de Silva
-
Thursday, February 15, 2018
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා අද උදැසන කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයට පැමිණ ආශීර්වාද ලබා ගෙන ඇතැයි වාර්තා වේ.
ඒ, මේ වන විට සාකච්ඡා කරමින් පවතින ඒකාබද්ධ විපක්ෂයේ සහය ඇතිව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බහුතර ආණ්ඩුවේ අගමැති තනතුරට යෝජනා වීම හේතුවෙනි.
නිමල් සිරිපාල ද සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබන හෙට (16 වැනිදා) තමන්ගේ බහුතරය පෙන්වීමට සූදානම් වන බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
මේ වන විට ශ්‍රීලනිල ජ්‍යෙෂ්ඨයෝ බහුතරය එක්රැස්කරගැනීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටිති.
නව ආණ්ඩුව පිහිටුවීමේදී ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවේ තනතුරු වගකීම් භාර නොගෙන සහය දැක්වීමට එකඟතාව පලවී ඇතැයිද දේශපාලන ආරංච් මාර්ග කියයි.
ආණ්ඩුව සමඟ සිටින ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් 42 දෙනාගේත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 52 දෙනාගේ සහ එජාපයේ හා හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන් 26 දෙනෙකුගේත් සහය ඇතිව මෙම නව ආණ්ඩුව පිහිටුවීමට යෝජනා වී ඇතැයි වාර්තා වේ .
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (14) රාත්‍රීයේ කොළඹ 07 මහගමසේකර මාවතේ නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයිද දේශපාලන ආරංච් මාර්ග කියයි.
රට තුළ උද්ගතව ඇති දේශපාලන අර්බුදය හා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (16) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. ජනාධිපතිවරයා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් හෙට (16) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙන අතර ජනාධිපතිවරයා එහිදී මෙම ප්‍රකාශය කරනු ඇත.
ඉකුත්දා පැවති පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය දරුණු පරාජයකට ලක් වීමත් සමඟ ආණ්ඩුවේ ගමන පිළිබඳව මේ වනවිට අර්බුදකාරී තත්ත්වයක්ද පැන නැගී තිබේ.
මේ අතර තමන්ට මෙරට අගමැතිවරයා වීමට අවස්ථාවක් උදා වී ඇති බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා බදුල්ල දිස්ත‍්‍රික්කයේ සිය ඉදිරිපෙල දේශපාලන හිතවතුනට දන්වා ඇත.
ඒ අනුව පිලිගැනීමේ උත්සව සූදානම් කිරීමට සූදානමින් සිටින්නැයිද උපදෙස් දී ඇත.
දිස්ත‍්‍රික්කය පුරා බැනර්, පෝස්ටර් මෙන්ම ප‍්‍රධාන නගරවල කොඩි පතාක එල්ලීම සදහාද කටයුතු කරන්නැයිද දන්වා ඇති බවද වාර්තා වෙයි.
කෙසේ වෙතත් මීට කලකට පෙර අවස්තා කිහිපයකදිම නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මෙම පණිවුඩය බදුල්ලට දි තිබූ බව එකල මාධ්‍ය වාර්තා පල විය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...