BREAKING NEWS
latest

728x90

468x60

Friday, February 16, 2018

දිගටම අගමැති රනිල් - රාජිත කියයි - Rajitha Senaratne

මැතිවරණ ප්‍රතිඵලය කුමක්‌ වුවද වත්මන් අගමැතිවරයා යටතේම යහපාලන ආණ්‌ඩුව දිගටම යන බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.


එසේ නමුත් ඉදිරි දින කිහිපය තුළ ඇමැති මණ්‌ඩල සංශෝධනයක්‌ සිදුවන බවද ඊයේ (15දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට්‌ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා කීවේය.

ආණ්‌ඩුවේ සිටීමට බැරි අයට ඕනෑම මොහොතක ගිය හැකි බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ආණ්‌ඩුවට බරපතල ප්‍රශ්නයක්‌ වූයේ ආණ්‌ඩුව තුළ සිටිමින් ආණ්‌ඩුව විවේචනය කිරීම යෑයිද එය විශාල වරදක්‌ බවට තමා ජනාධිපති හා අගමැති ඉදිරියේම කියා සිටි බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ආණ්‌ඩුව මින් ඉදිරියට යන්නේ දැඩි විනයක්‌ සහිතව බවද මෙතෙක්‌ අඩුපාඩු වූ සියල්ල ඉදිරි කාලයේදී සම්පූර්ණ කරන බවද ඇමැතිවරයා කියා සිටියේය.

ආණ්‌ඩුව පවත්වාගෙන යැමේ පූර්ණ අයිතියක්‌ එක්‌සත් ජාතික පක්‍ෂයට ඇතැයි කී ඇමැතිවරයා ආණ්‌ඩුව වෙනස්‌ වන බවට කිසිදු සාකච්ඡාවක්‌ නොවූ බවද අගමැති තනතුරට එක්‌ එක්‌කෙනාගේ නම් ඉදිරිපත් වනු තමා දුටුවේ පත්තරවලින් බවද හෙතෙම කියා සිටියේය.

තමා අතින් වැරදි සිදු වූ බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දෙනා ඉදිරියේ පිළිගත් බවද එසේ වැරදි නිවැරදි කරගෙන ඉදිරියටම යන බවද සේනාරත්න මහතා කියා සිටියේය.
« PREV
NEXT »