BREAKING NEWS
latest

728x90

468x60

Friday, February 16, 2018

ලබන අඟහරුවාදා කැබිනට්‌ මණ්ඩලයේ වෙනසක්

කැබිනට්‌ මණ්‌ඩල සංශෝධනයක්‌ සිදු කරමින් එක්‌සත් ජාතික පක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැති ධුරය යටතේ ජාතික රජය අඛණ්‌ඩව පවත්වාගෙන යැමට ආණ්‌ඩුව තීරණය කර ඇත.

ඒ අනුව ලබන අඟහරුවාදා (20දා) ජාතික රජයේ කැබිනට්‌ මණ්‌ඩල සංශෝධනයක්‌ සිදු කෙරෙන අතර එය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය සහ එක්‌සත් ජාතික පක්‌ෂය අතර පවතින අවබෝධතා ගිවිසුම අනුව සිදු කෙරෙන බව සභානායක උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා  පැවසීය.

මෙම කැබිනට්‌ සංශෝධනය ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ පූර්ණ අධීක්‌ෂණය මත සිදු කෙරෙන අතර ශ්‍රීලනිපය හා එජාපය බෙදා වෙන් කරගෙන තිබූ අමාත්‍යාංශවල විෂය පථයන් සුළු වශයෙන් වෙනස්‌ වනු ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය. 

ජාතික රජයේ නිල කාලය හරි අඩකින් නිම වන විට කැබිනට්‌ සංශෝධනයක්‌ සිදු කළ යුතු බවට ජනාධිපතිවරයා හා අගමැතිවරයා මීට පෙර තීරණය කර තිබූ බවත් මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල අනුව ඒ සඳහා පසුබිම සැකසුණු බවත් ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

මේ අතර පෙරේදා (14දා) රාත්‍රී ජනාධිපති සහ අගමැති අතර තවත් විශේෂ හමුවීමක්‌ සිදුව ඇත. ඒ සඳහා එක්‌සත් ජාතික පක්‌ෂ ඇමැති කණ්‌ඩායමක්‌ද සහභාගි වී ඇත.

එහිදී එක්‌සත් ජාතික පක්‌ෂයට වත්මන් පාර්ලිමේන්තුව තුළ බහුතරය ඇති බැවින් යළිත් එය ප්‍රදර්ශනය කිරීම අමුතුවෙන් අවශ්‍ය නොවන බවත් 19 වැනි ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව පරිදි වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට 2020 දක්‌වාම අගමැති ලෙස කටයුතු කළ හැකි බවත් සාකච්ඡාවට බඳුන් වී තිබේ. 


මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල කෙසේ වුවද පාර්ලිමේන්තු බහුතරයට හෝ ආණ්‌ඩුවේ බහුතරයට ඉන් බලපෑමක්‌ නොකෙරෙන බැවින් යහපාලන රජය කලින් ගිවිස ගත් පරිදි අඛණ්‌ඩවම පවත්වා ගෙන යැමට වැඩිදුරටත් තීරණය වී ඇත. Lakshman-Kiriella
« PREV
NEXT »