BREAKING NEWS
latest

728x90

468x60

Monday, February 12, 2018

උදයංග ගේන්න ඩුබායි ගිය කණ්ඩායම සාකච්ඡා අරඹයි - udayanga weeratunga,

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඩුබායි ගොස් සිටින රාජ්‍ය නිලධාරී කණ්ඩායම එරට විදේශ අමාත්‍යාංශය සහ අදාළ අංශ සමඟ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කර තිබේ.

අවශ්‍ය නීතිමය උපදෙස් ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු එහි ගොස් සිටින රාජ්‍ය නිලධාරී කණ්ඩායමට අයත් වන අතර අවශ්‍ය නීති උපදෙස් ඔහු ලබාදෙන බව දිනමිණ කරන ලද විමසීමකදී නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා ප්‍රකාශ කළේය. එම කණ්ඩායමට අවශ්‍ය වුව හොත් අවශ්‍යතාවයට අනුව තවත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් දෙදෙනෙකු පිටත් කර යැවීමටත් සූදානමින් සිටින බවත් නීතිපති ජයන්ත ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.

අවශ්‍ය ඕනෑම අවස්ථාවක එහි සිටින කණ්ඩායමට නීතිපතිවරයා ‍හෝ විදේශ අමාත්‍යවරයා සම්බන්ධ කර ගැනීමටත් පහසුකම් සලසා ඇති බවත් වාර්තා වේ.

රාජ්‍ය නිලධාරී කණ්ඩායම ඉකුත් බ්‍රහස්පතින්දා එම රටට ගියත් සිකුරාදා එම රටේ නිවාඩු දිනයක් වන බැවින් සියලුම සාකච්ඡා ඇරඹුණේ සෙනසුරාදා දිනයේ සිට බවත් සඳහන් වේ.

අධිකරණ, විදේශ, නීතිය හා සාමය යන අමාත්‍යාංශය තුන නියෝජනය කෙරෙන පිරිසක් එම කණ්ඩායමට අයත් වෙති.
« PREV
NEXT »