BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, March 28, 2018

හිටපු කොටියා ඇතුළු 5 දෙනෙක්‌ මත්කුඩු ජාවාරමක - STF කොටුකර ගනී

රුපියල් ලක්‌ෂ 50 කට අධික වටිනාකමින් යුත් මත්කුඩු සමග හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු ඇතුළු මත්කුඩු ජාවාරම්කරුවන් පස්‌දෙනකු පොලිස්‌ විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය මගින් පසුගිය 24දා රාත්‍රි අත්අඩංගුවට ගෙන තිබේ.

ලැබුණු තොරතුරකට අනුව මෙම සැකකරුවන් කුරුණෑගල, පොල්ගහවෙල, රත්මල්ගොඩ ප්‍රදේශයේ හෝටලයක්‌ ඉදිරිපිට දී කොටුකර ගෙන තිබේ.

සැකකරුවන් පැමිණි ඩොල්පින් වෑන් රථය පරීක්‌ෂා කිරීමේදී මත්කුඩු ග්‍රෑම් 510 ක්‌ සූක්‍ෂම අයුරින් බෑගයක දමා ඒ තුළ සඟවා තිබියදී සොයාගත් බව එම ඒකකය කියයි.

මීට අමතරව සැකකරුවන් පැමිණි යතුරුපැදියක්‌ද එම ඒකකය භාරයට ගෙන තිබේ.

සැකකරුවන් අවුරුදු 45 ත් 56 ත් අතර වයසේ පසුවන්නන් බවත් ඔවුන් යාපනය, වව්නියාව, මාතලේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් එම ඒකකය කියයි.

අත්අඩංගුවට ගෙන සිටින හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයා චාල්ස්‌ ඇන්තනි බළකායේ ත්‍රස්‌ත කටයුතු කරමින් සිටියදී යුද්ධයේ අවසන් භාගයේදී වම් පාදයට වෙඩි වැදී තුවාල ලැබූ අයෙකි.

සැකකරුවන් සියලු දෙනා පොල්ගහවෙල මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කරගෙන යන බවද එම ඒකකය පවසයි.

පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එම්. ආර්. ලතීµa, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි වරුණ ජයසුන්දර, සහකාර පොලිස්‌ අධිකාරි ඩී.පී.යු. කොඩිතුවක්‌කු යන මහත්වරුන්ගේ අධීක්‌ෂණය යටතේ පොලිස්‌ විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක නදීක සිල්වා මහතා ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ මෙම වැටලීම සඳහා සහභාගි වූහ
« PREV
NEXT »