Wednesday, March 28, 2018
Home
Gossip Lanka News
විශ්වාසභංගයට සහය දෙන්න සදාචාර අයිතියක් නෑ - Ashu Marasinghe
විශ්වාසභංගයට සහය දෙන්න සදාචාර අයිතියක් නෑ - Ashu Marasinghe
-
Wednesday, March 28, 2018
ආණ්ඩුව ඇතුලේ සිටිමින් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවට සහාය දැක්වීමට ආණ්ඩුව නියෝජනය කරන රාජ්‍ය ඇමැතිවරුන් හෝ නියෝජ්‍ය ඇමැතිවරුන් කිසිවකුට සදාචාරාත්මක අයිතියක් නැතැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි.
එසේ සහාය දක්වන්නේ නම් ඔවුන් අප්‍රේල් 04 වැනිදාට පෙර වහාම ආණ්ඩුවෙන් ඉල්ලා අස්විය යුතු බවත් ඒ මහතා සඳහන් කරයි.
ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ අගමැතිවරයාට එරෙහිව පමණක් නොව ජනාධිපතිවරයා ද ඇතුළුව මුළු ආණ්ඩුවට එරෙහිව බවද පවසන ඒ මහතා, එම යෝජනාව පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාව තිබෙන බවත් පෙන්වා දෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා මේ බව පැවසුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවේදී ය.
අපි මේ විශ්වාසභංග යෝජනාව අනිවාර්යයෙන් ම පරාජයට පත් කර එම යෝජනාව ආණ්ඩුවට සහාය දෙන හා ආණ්ඩුවට විශ්වාසය පළ කරන යෝජනාවක් බවට පත් කරනවා. ඒ වගේම අපේ ආණ්ඩුව අප්‍රේල් 04 වැනිදාට පසු අලුත් ගමනක් ආරම්භ කර 2020 දක්වා ඉදිරියට යනවා යැයිද ඒ මහතා පැවැසීය.
ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව කුමන්ත්‍රණයක් බවද, එහි පළමුවැනි ඉලක්කය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බවද කී ආශු මාරසිංහ මහතා, දෙවැනි ඉලක්කය කතානායකවරයා බවත්, තෙවැනි ඉලක්කය ජනාධිපතිවරයා බවක් කීවේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ගේ සහයෝගය විශ්වාසභංගය පරාජය කිරීම සඳහා ලැබෙනු ඇතැයි ද ඒ මහතා පැවැසීය.
එමෙන්ම, විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම හේතුවෙන් සියලුම මැති ඇමැතිවරුන්ට අප්‍රේල් 02 සිට අප්‍රේල් 05 දක්වා විදේශ ගමන් තහනම් කර ඇති බවත්, දැනට විදේශග තව සිටින මැති ඇමැතිවරුන් අප්‍රේල් 01 වැනිදාට පෙර නැවත සියරට පැමිණිය යුතු බවත්, ඒ මහතා සඳහන් කෙළේය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...