Sunday, March 11, 2018
සමාජ ජාල මාධ්‍ය අවහිර කිරීමට ගත් ජනපතිගේ තීරණය හරි - මංගල
-
Sunday, March 11, 2018
සමාජ ජාල මාධ්‍ය අවහිර කිරීමට තමා ප්‍රතිපත්තිමය වශයෙන් කිසිඳු ලෙසකින් එකඟ නැතත්, මේ තීරණාත්මක අවස්ථාවේදී තාවකාලිකව එවැනි පියවරක් ගැනීමට ජනාධිපතිවරයා ගත් තීරණය අතිශයින් වැදගත් බවත් එය අනුමත කරන බවත් මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
ශ්‍රී ලංකාව තුල මේ වන විට ක්‍රියාත්මක කර ඇති ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වාරණයට තමන් එකග නොවන බවට මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා සදහන් කර ඇතැයි පලවන වාර්තා සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී ඇමතිවරයා එබව සඳහන් කළේය.
මෙවැනි අවස්ථාවක මානව හිමිකම්, මාධ්‍ය නිදහස මෙන්ම, අනිත් අතින් රටේ පවතින තත්වයත් සැලකිල්ලට ගැනීමට සිදුවෙන බවත්, ඒ අනුව ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගයෙන් පලදායී ප්‍රතිපලයක් ලැබී ඇති බවත් ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
වාර්ගික ප්‍රචණ්ඩත්වය ඇප ලබා දිය නොහැකි වරදක් බවට පත් කළ යුතු බවත්, එමෙන්ම එවැනි වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියාවලට නායකත්වය දෙන දේශපාලකයින්ගේ සිවිල් ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවත් විදේශගතව සිටි අමාත්‍ය මංගල සමරවීර මහතා ට්විටර් පණිවුඩයක් හරහා පසුගියදා ප්‍රකාශකර තිබිණ.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...