BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, March 13, 2018

අධිකරණ සංවිධාන සංශෝධන කෙටුම්පතේ රෙගුලාසි කීපයක්‌ ව්‍යවස්‌ථාවට පටහැනියි - දිනේෂ්ගෙන් ශේ්‍රෂ්ඨාධිකරණයට පෙත්සමක්‌

රජය විසින් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා යොමුකර ඇති අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ රෙගුලාසි කීපයක්‌ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනි යෑයි කියා සිටිමින් මහජන එක්‌සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (12 වැනිදා) ශේ්‍රෂ්ඨාධිකරණයට පෙත්සමක්‌ ගොනු කළේය. 

අලුතින් පිහිටුවීමට යන මහාධිකරණය හමුවේ විභාගයට ගත යුත්තේ කවර පුද්ගලයන්ට එරෙහිව පවරනු ලබන නඩුද යන්න තීරණය කිරීමේ බලය යෝජිත පනත් කෙටුම්පතේ රෙගුලාසි මගින් විධායකයට පවරා ඇති බවත් එය සාපරාධී චෝදනා යටතේ නඩු විභාග පැවැත්වීම තෝරාගත් පුද්ගලයන්ට පමණක්‌ සීමා නොකර සියලු රට වැසියන් එක හා සමානව ක්‍රියාත්මක විය යුතුය යන නීතියේ මූලධර්ම උල්ලංඝනය කිරීමක්‌ බවත් පෙත්සමෙන් කියා සිටී.

අධිකරණය කළ යුතු බොහෝ කාර්යයන් ඉන් ඉවත් කර විධායකයට පවරා ඇත. නීති විරෝධීව පිහිටුවනු ලැබූ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය (එµaසීඅයිඩී) ඇතුළුව හදිසියේ තවත් පොලිස්‌ ඒකක විසින් කරන ලද පරීක්‍ෂණවලදී ගත් තීරණවලට අනුව නඩු පැවරීමේ බලය නීතිපතිට සහ අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට පැවරීමට යෝජිත පනත් කෙටුම්පතේ රෙගුලාසි වලින් අවස්‌ථාව සලස්‌වා ඇතැයිද නඩු විභාගයකදී විත්තිකරුවකු වෙනුවෙන් පෙනී සිටීම සඳහා තමන් කැමති නීතිඥයකු රැඳ වීමට ඇති පූර්ණ අයිතියද සංශෝධන පනත් කෙටුම්පතේ රෙගුලාසිවලින් ඉවත් කර ඇත. එය විත්තිකරුවකුට සාධාරණ නඩු විභාගයක්‌ අධිකරණයකින් ලබා ගැනීමට ඇති අයිතිය අහිමි කිරීමක්‌ යෑයිද එනිසා යෝජිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තු බහුතරයකින් පමණක්‌ නොව ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට තීන්දු කරන්නැයි දිනේෂ් ගුණවර්ධන මහතා සිය පෙත්සමෙන් ඉල්ලා සිටී.

සරත් ධර්මසේන
« PREV
NEXT »