BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, March 13, 2018

පස්නිවුන් දරු දෙමාපියන්ට දයා සරණෙන් සහන - දරු දෙදෙනෙකුගේ වගකීම ඇමති දයා ගමගේ බාර ගනී


මහනුවර ඉඩමේගම පදිංචි නිමේෂ ප්‍රියලංකා හා තනුජා සංජීවනී ඒකනායක යන පස් නිවුන් දරුවන්ගේ දෙමාපියන් සිය දරුවන් සමඟ පසුගිය දා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා හමුවූහ.


එහිදී ඔවුන් විසින් ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගෙන දරු දෙදෙනෙකු වෙනුවෙන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු නිමා වන තුරු ශිෂ්‍යත්ව 02ක් දයා සරණ පදනම මඟින් පිරිනමන්නට ඇමතිවරයා එකඟ විය.

තවද දෙමව්පියන්ගේ ආර්ථිකය නංවා සිටීම සඳහා ගම්මිරිස් එකතු කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර තාක්ෂණික උපදෙස් හා අවශ්‍ය පහසුකම් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය මඟින් ලබා දීමට කටයුතු කරන බව පැවසීය.

ජෝර්ජ් ද සිල්වා
« PREV
NEXT »