Thursday, March 08, 2018
Home
Gossip Lanka News
කොන්ද පණ නැති ආණ්ඩුව නිසා රටම අරාජික වෙලා..- මරික්කාර්
කොන්ද පණ නැති ආණ්ඩුව නිසා රටම අරාජික වෙලා..- මරික්කාර්
-
Thursday, March 08, 2018
ආණ්ඩුවේ කල් මැරීමේ ප‍්‍රතිපත්තිය නිසා අද රට මේ තරම් ආරාජික වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ රටේ වත්මන් ඇතිවී ඇති හදිසි තත්වය පිළීබද පාර්ලිමේන්තුවේදී පැවැති විශේෂ විවාදයට සහභාගී වෙමින්ය.
මේ රටේ වර්තමානයේ දී ඇතිවී තිබෙන ජාතිවාදි හා ආගම්වාදී සිදුවීම් සම්බන්ධව ඇත්ත වශයෙන්ම කණගාටුවකට වඩා ලැජ්ජාවක් තියෙන්නේ. මේ ආණ්ඩුවේ කොන්ද පණනැතිකම හා නෝන්ජල් වැඩ හින්දා හැම ගැටලුවකටම ආණ්ඩුවේ කල් මැරීමේ ප‍්‍රතිපත්තිය නිසා තමයි අද මේ රට මේ තරම් ආරාජික වෙලා තියෙන්නනේ. ඒ බව අපිත් පිළිගන්න ඕනේ. ආගමික සහජීවනය තහවුරු කරලා හැමකෙනාටම තමන් කැමති ආගමක් අදහන්න තියන අයිතිය තහවුරු කරලා ඒක මහපොලවේ යථාර්තයක් බවට පත් කරන්න අද මේ රජයට හැකියාවක් ලැබිලා නැහැ. අන්න ඒ නිසා අපි දැන් හදිසි නීතිය දාන එක ගැන කතා කරනවා. විය යුත්තේ අනතුර වෙන්න කලින් අනතුර වළක්වා ගැනීමේ හැකියාව තිබුණා.
වීශේෂයෙන්ම සුලුතරයක් අන්තවාදී අවස්ථාවාදීන් තමන්ගේ පෞද්ගලික උවමනාවන් නිසා රටම ගිනි තියද්දී ආණ්ඩුවක් බලාගෙන හිදීම තරම් කණගාටුදායක තත්වයක් අපි අපේ ජීවිත කාලය තුල දැකලම නෑ. විශේෂයෙන්ම රජයේ මන්ත‍්‍රීවරයෙක් හැටියට අතිගරු ජනාධිපතිතුමාගෙනුත් අග‍්‍රාමාත්‍යතුමාගෙනුත් ඉල්ලීමක් කරන්න කැමතියි බස් එක ගියැයින් පස්සෙ අත වනලා වැඩක් නෑ.
එක එක්කෙනාගේ දේශපාලන උගුල් වලට මේ රට දුවන්න ඉඩදීලා ඔබතුමන්ලා මේ රට පාලනය කරනවා නම්, ඊට වැඩිය හොදයි රට පාලනය නොකර ඉන්න එක. පුරවැසියන්ට තමන්ට අදහන ආගම අදහලා තමන් කරන ව්‍යාපාර කරගෙන, තමන්ගේ වෘත්තීයක යෙදිලා නිදහසේ ජීවත් වෙන්න පුලුවන් වටාපිටාවක් පුරවැසියන්ට ලබාදීම මේ රටේ නායකයින්ගේ වගකීමක් යැයි පැවසීය.
– මිනුර රෂාන්ත
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...
