BREAKING NEWS
latest

728x90

468x60

Thursday, March 08, 2018

ශ‍්‍රී ලංකාවේ මහනුවර සංචාරය අවදානම් - ලොව ප‍්‍රබල රටවල් සිය පුරවැසියන්ට අනතුරු අගවති

ශ‍්‍රී ලංකාවේ මහනුවර ප‍්‍රදේශයේ සංචාරය කරන්නේ නම් එම ප‍්‍රදේශයේ පවතින තත්වය සම්බන්දයෙන් දැඩි අවධානය යොමු කරන ලෙස ඇමරිකාව, එංගලන්තය, ඔස්ටේ‍්‍රලියාව, නෝර්වේ රාජ්‍යන් සිය පුරවැසියන්ට දන්වා ඇත.
සිය නිල වෙබ් අඩවි හරහා එම රටවල් විසින් දන්වා ඇත්තේ ජන මාධ්‍ය මගින් එම ප‍්‍රදේශයන්හි තත්වය ගැන නිරන්තර අවධානයෙන් සිටින ලෙසද දන්වා ඇත.

ශ‍්‍රී ලංකාවේ සංචාරය කරන ඇමරිකානු පුරවැසියන් වඩාත් අවධානයෙන් සිටින ලෙස එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව ට්විටර් පණිවුඩයක් මගින් දන්වා ඇති අතර උද්ගෝෂණය විරෝධතා පැවැත්වෙන ප‍්‍රදේශයන්හි නොගැවසෙන්නැයි බි‍්‍රතාන්‍ය විදේශ අමාත්‍යංශයද නිවේදනය කර ඇත.

මේ තත්වය තම කර්මාන්තයන්ට දැඩි අයහපත් ලෙස බලපානු ඇති බවට සංචාරක ක්‍ෂෙත‍්‍රයේ ප‍්‍රමුඛයන් මත පල කරති.
« PREV
NEXT »