BREAKING NEWS
latest

728x90

468x60

Friday, March 23, 2018

ආණ්ඩුවේම හිදිමින් ආණ්ඩුවට බනින උන් ආණ්ඩුවේ නොසිට විපක්‍ෂයට යනු - රාජිත

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර කිසිදු අර්බුදයක් නැහැ. අර්බුද ඇති තිරීමට සමරු උත්සාහ කරනවා. මෙම උත්සාහය රාජපක්ෂලාගේ වුවමනාව මත සිදු කරනවා ද යන්න ඉදිරියේ දී සනාථ වනු ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

මාධ්‍ය වේදීන් පිරිසක් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“මම ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සුරකීමේ පෙරමුණේ සිටින්නේ. රජය ආරක්ෂා කළ යුතුයි. අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංගය අවශ්‍ය රාජපක්ෂලා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට පමණයි. තමන්ට එරෙහිව ඉදිරිපත්ව ඇති නඩු හබ වලින් බේරීම සදහා ඔවුන් විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. එය නොතේරෙන රජයේ සිටන ඇතැම් මැති ඇමැතිවරුන් ද විවිධ අදහස් පළ කරනවා.

වර්තමානයේ ඇත්තේ නායකයින් වෙනස් කිරීමක් නොවෙයි. රට සංවර්ධනය කර 2020 මැතිවරණයට ඉදිරිපත්වීමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය ඒකාබද්ධව මැතිවරණයට ඉදිරිපත්වීමෙන් ජයග්‍රහණය ලබාගන්න පුලුවන්. ඒ සදහා පක්ෂ දෙක එකතු විය යුතුයි. එම එකමුතුව විනාශ කිරීමට තමයි ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරන්නේ.

ඇතැම් මැති ඇමැතිවරු රජයේ සිටිමින් රජයට විරුද්ධව අදහස් පළ කරනවා. ඒ අතර යහපාලන රජය ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙලට එරෙහිව වේදිකාවේ අදහස් පළ කළ අයත් ඉන්නවා. වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස සිටින විටත් චරිත ඝාතනය කළ අය ඉන්නවා. එම චරිත ඝාතන පසෙකලා ජන බලයෙන් අපි මැතිවරණය ජයගත්තා. එවැනි අය රජය තුල සිටිමින් විවේචනය නොකර විපක්ෂය තුල අසුන්ගැනීම උචිතයි.”

– ප‍්‍රසන්න අධිකාරී
« PREV
NEXT »