BREAKING NEWS
latest

728x90

468x60

Friday, March 23, 2018

රනිල්ගේ පෞද්ගලික සහකාර සුදත් ඉල්ලා අස්වෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික සහකාර හා එජාප සන්නිවේදන බලකායේ අධ්‍යක්ෂ සුදත් චන්ද්‍රසේකර මහතා අදාළ තනතුරු දෙකෙන්ම ඉල්ලා අස්වී තිබේ.

ඒ මහතා අගමැතිවරයාගේ පෞද්ගලික සහකාර ධූරයෙන් ඉල්ලා අස්වීම සඳහා වන ලිපිය අගමැති ලේකම් සමන් ඒකනායක මහතා වෙත බාරදී ඇති බවද මේ අතර වාර්තා වේ.

එජාප සන්නිවේදන අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත්වීම සම්බන්ධ ලිපිය ඒ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදී ඇති අතර එම ලිපිය අගමැතිවරයා බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවද එජාප ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කෙසේවුවද, අදාළ ලිපියේ සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ඔහු දීර්ඝ ලෙස විස්තර කර ඇතැයි ද පැවසේ.

එහි තමාට ගෙවීගිය වසර තුනක කාලය තුළ සංනිවේදනය අංශය ශක්තිමත් කිරීමට විශාල වශයෙන් බාධා තිබූ බවත්, අවම වශයෙන් එම කාලයේදී එජාපය බලයට ගෙනඒමට මෙන්ම වික්‍රමසිංහ මහතාට පක්ෂ නායකත්වය ආරක්ෂා කරදීමට සහය දුන් කුරුදු පොලු කණ්ඩායම් සාමාජිකයන්ට හෝ උපකාරයක් කළ නොහැකි වූ බව ඒ මහතා දක්වා ඇතැයි වාර්තා වේ.

චන්ද්‍රසේකර මහතා කුරුදු පොලු නඩුවේ විත්තිකරුවෙකි.
« PREV
NEXT »