BREAKING NEWS
latest

728x90

468x60

Friday, March 02, 2018

පසුගියදා ගාලගෝට්ටියක් වූ රාජාංගන ජල ව්‍යපෘතියට අවසර දුන්නේ දිනේෂ් ගුණවර්ධන - මෙන්න සාක්ෂි

පෙරේදා අනුරාධපුර, තඹුත්තේගම පැවැති ගොවි උද්ඝෝෂණය අපේ රටම වඩාත් උණුසුම් කල මාතෘකාවක් බවට පත් වුනා. එයට හේතුව රාජාංගනය වැවේ ජලය යොදා සිදුකිරීමට යන පානීය ජල ව්‍යාපෘතියකට ප්‍රදේශවාසීන් විරෝධය පෑමයි.

රාජාංගය වැව ආශ්‍රිතව අක්කර 17,000 ක ගොවිතැන් කරන බවත් එම ගොවිතැන් සඳහා ජලය සපයන රාජාංගනය වැව පානීය මෙම ව්‍යාපෘතිය සඳහා යොදා ගන්නා බැවින් තමන්ට වගා කිරීමට ජලය නොමැති වේ යැයි බියෙන් විරෝධය පා ඒ සඳහා ප්‍රදේශයේ ගම්වාසීන් සියලුම දෙනා පැමිණ ඇති අතර උද්ඝෝෂණය හේතුවෙන් කුරුණැගල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනයට දැඩි බාධා එල්ලවීම හේතුවෙන් උද්ඝෝෂකයන් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් උද්ඝෝෂකයන්ට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

මේ ගැටුමට මුල් වූ ජල ව්‍යාපෘතිය පිළිබඳව කල සොයා බැලීමකදී අපට අනාවරණය වූයේ,

එය 2014 අගෝස්තු මස 18 වන දින රාජපක්ෂ ආණ්ඩු සමයේදී අමාත්‍ය මණ්ඩල සංදේශ 37/2014 යටතේ ජල සම්පාදන සහ ජල ප්‍රවාහන ඇමති, වත්මන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන විසින් කැබිනට් මණ්ඩලයට යොමුකොට අවශ්‍ය අවසරය ලබා පටන් ගත් ව්‍යාපෘතියක් වන බවයි.

එහිදී මෙම ව්‍යාපෘතිය රාජාංගනය ජලාශය ප්‍රධාන ජල මූලාශ්‍රය කර ගනිමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර මේ වෙනුවෙන් රාජංගනය වැවෙන් ජලය ලබා ගැනීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අනුමැතියද ලබා දී තිබේ.

මෙම ව්‍යාපෘතියට විදේශීය මුදල් ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 71ක් සහ ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 4182 ශත 14 ක මුදලක් වැය සැපයෙන බවයි එම කැබිනට් පත්‍රිකාවේ සඳහන් වන්නේ.




« PREV
NEXT »