BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, March 20, 2018

මලික් - කබීර් විසිවෙයි - මංගල-තලතා හා ෆොන්සේකාට එජාප උප නායක ධුර - සජිත් - නවින්ට ලොකු බලයක්


අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවට ගෙන ඒමට අත්සන් ලේඛනයක් සැකසෙමින් තිබියදී, එක්සත් ජාතික පක්ෂයේ පුළුල් ප්‍රතිසංවිධානයක් සිදු කිරීමට තීරණය කර ඇතැයි 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

ඒ, රුවන් විඡේවර්ධන ඇමැතිවරයාගේ කමිටුවෙන් යෝජනා කර ඇති කරුණු සලකා බලමිනි.

එහිදී එජාප ඇමතිවරුන් සිව් දෙනෙකුට උප නායක ධුර ලබාදීමටත්, මහ ලේකම්, සභාපති හා ජාතික සංවිධායක තනතුරු වලට වෙනත් පුද්ගලයින් පත් කිරීමටත් නියමිතව ඇතැයි එම ආරංචිමාර්ග පවසයි.

මංගල සමරවීර, රන්ජිත් මද්දුම බණ්ඩාර හා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන අමාත්‍යවරුන් සහ තලතා අතුකෝරල අමාත්‍යවරියගේ නම් එසේ උප නායක ධුරවලට යෝජනා වී තිබේ.

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ද මේවනවිට එජාප උප නායකයා ලෙස කටයුතු කරයි.

මලික් ඉවතට : කබීර්ට වෙනත් තනතුරක් 

 එසේම, මලික් සමරවික්‍රම මහතා දරන සභාපති ධුරය කබීර් හෂීම් මහතා වෙතත්, කබීර් හෂීම් මහතා දරන මහ ලේකම් ධුරය අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වෙතත් පැවරීමට යෝජනා වී ඇත.

තවද එජාප ජාතික සංවිධායක ධුරයට අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ නම යෝජනාවී ඇතැයි ද පැවසේ.

බලතල රැසක් යොවුන් නායකත්වයට :

 එසේම, රුවන් විඡේවර්ධන කමිටු යෝජනා මත පක්ෂ නායකයා සතු බලතල රැසක් යොවුන් නායකත්වය වෙත බෙදාදීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි ද පැවසේ.

එම කමිටු වාර්තාව ඊයේ (19 දා) සවස පැවැති එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩු පක්‍ෂ කණ්‌ඩායම් රැස්‌වීමට පෙර අගමැතිවරයාට භාරදී තිබිණ.

ඒ අනුව සජිත් ප්‍රේමදාස, නවින් දිසානායක, අකිල විරාජ් කාරියවසම් යන අමාත්‍යවරුන් වෙත පුළුල් බලතල සහිත වගකීම් පවරාදීමට යෝජනාවී ඇත.

නව නිලධාරීන් මාර්තු 31ට පෙර :

 මේ අතර අමාත්‍ය සාගල රත්නායක මහතා පවසන්නේ, එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරීන් මාර්තු 31ට පෙර පත්වෙනු ඇති බවයි.

සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ නව පත්කිරීම් පිළිබඳව පක්ෂය තුළ සාකච්ඡා වට කිහිපයක්ම පැවැති බවයි.

පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතු වෙනුවෙන් මෙන්ම රජයේ නව ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදහස් ලබා ගැනීම අගමැතිවරයා කමිටු කිහිපයක් පත්කර ඇතැයි ද ඇමැතිවරයා පවසයි.


infosrilanka
« PREV
NEXT »