BREAKING NEWS
latest

728x90

468x60

Thursday, March 15, 2018

අපේ ඊළඟ ඉලක්‌කය පළාත් සභා ඡන්දය ඉල්ලා ආණ්‌ඩුවට බල කරනවා - මහින්ද රාජපක්‍ෂ

කල්දැමූ පළාත් සභා මැතිවරණය වහා ලබාදෙන ලෙසට ආණ්‌ඩුවට බලකර සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

2017 වසරේදී කාලය අවසන් වූ උතුරු මැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභා තුනේ මැතිවරණය ආණ්‌ඩුව විසින් කල්දමා මේ වන විට මාස හයකට ආසන්න කාලයක්‌ ගතවී ඇති බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.

මේ පළාත් සභා තුනට අමතරව උතුර, වයඹ හා මධ්‍යම යන පළාත් සභා තුනේ කාලයද තවත් මාස කිහිපයකින් අවසන් වනු ඇති බවත් මෙම මැතිවරණ කල් නොදමා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කළයුතු බවත් හෙතෙම පැවසීය.

ආණ්‌ඩුවකට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වළදැමීමට ඉඩදී බලා සිටීමට පුළුවන්කමක්‌ නැතැයි පැවසූ හිටපු ජනාධිපතිවරයා ආණ්‌ඩුව රටේ ප්‍රශ්න අමතක කරවීමට කටයුතු කළත්, ජනතාවගෙන් ඒවා වසන් කිරීමට නොහැකි බව කියා සිටියේය.

අනුර බාලසූරිය
« PREV
NEXT »