BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, March 06, 2018

නුගේගොඩදී අභිරහස් ලෙස මරාදැමූ විශ්‍රාමික විදුහල්පතිනිය

නවාතැන් පිණිස නතරවූ අය සමග නිවසක තනිව විසූ වයස අවුරුදු අසූවක විශ්‍රාමික විදුහල්පතිනියක ගෙල සිර කොට ඝාතනය කිරීමේ අභිරහස් සිදුවීමක් නුගේගොඩ - ඇඹුල්දෙණිය සමගි මාවතේ පස්වෙනි පටුමගින් වාර්තාවේ.

තිදරු මවක වන සීතා අල්විස් ක්රැලැයින් නමැති මේ විදුහල්පතිනියට සෑම දිනකම උදේ ආහාර රැගෙන යාබද නිවසක කාත්තාවක පැමිණෙන අතර ඇය පසුගියදා (03) උදේ 7.30ට පමණ පැමිණන විට නිවසේ ජනෙල් විවෘත කර තිබී ඇති බවත්, විදුලි පහන් දල්වා තිබී ඇති බවත් පෙනෙන්නට තිබී ඇති අතර ඇය ඒ පිළිබඳව විමසිලිමත්වීමදී විදුහල්පතිනිය නිවසේ සාලය මත වැටි සිටින අයුරු දැක තිබේ. එම අවස්ථාවේ විදුහල්පතිනියගේ පුතෙකුට දන්වා ඇති අතර ඔහු පැමිණ බලද්දී මව මියගොස් ඇති අයුරු හදුනාගෙන ඇත. සිරුර ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත රැගෙන ගියද වෛද්‍යවරුන් ඇයව පරික්ක්ෂා කර මියගොස් ඇති බව දන්වා තිබේ.


මියගිය අයගේ නිවස ඉදිරිපිට නතර කර තිබු පුතුට අයත් මෝටර් රථයද ඝාතනය කිරීමට පැමිණි පුද්ගලයන් රැගෙන ගොස් තලපත්පිටිය සුසාන භූමිය අසල දමාගොස් තිබියදී සොයාගෙන තිබේ. මියගිය අයගේ දියණියක හා පුත්‍රයකු වෛද්‍යවරුන් වන අතර අනෙක් පුත්‍රයා ඉංජිනේරුවරයෙකි.

ඇය පදිංචිව සිටි ඇඹුල්දෙණිය නිවසේ කාමර දෙකක් පවුල් දෙකකට කුලියට දී තිබී ඇති අතර මීට අමතරව අක්කර දෙකක් පමණ විශාල ඇය පදිංචිව සිටින වත්තේ කුඩා නිවාස ගණනාවක් තනා එම නිවාස පවුල් 12කට පමණ කුලියට දී ඇති බවත් වාර්තා විය.

විශ්‍රාමික විදුහල්පතිනියගේ නිවසේ කාමර දෙකක් කුලියට ගෙන පදිංචිව සිටින අයගෙන් ද පොලිසිය ප්‍රශ්න කිරීමේදී සිද්ධිය වූ දින රාත්‍රියේ කාර් රථයක් පණ ගත්වාගෙන යන හඩ ඇසුණු බවත් එහෙත් නිවස තුළින් වෙනයම් ශබ්දයක් නමන්ට නොඇසුණ බවක් ඔවුන් පවසා ඇත.

කාර් රථය කිසිවෙක් විසින් සොරාගෙන යෑමට පැමිණි අවස්ථාවේ ගෙල මිරිකා ඇය ඝානනය කළේද යන්න ගැන පොලිසිය විමර්ශනය කරයි. කෙසේ වෙතත් එම ලක්ෂ 45 ක් පමණ වූ කාර් රථය මගදමාගෙස් තිබියදී මේවනවිට හමුව ඇත. එය මියගිය අයගේ ඉංජිනේරු පුතුට අයත්වූ රථ 3 කින් එකක් වූ අතර මීට දින කිහිපයකට පෙර එය නිවසේ නවතා ගොස් තිබුණ බව ඔහු පොලිසියට කියා තිබේ.

දියණිය සමග පුතුන් දෙදෙනා වරින්වර සිය වයෝවෘද්ධ මවගේ දුක සැප බලායාමට නිවසට පැමිණෙන බවත් ඇය නවාතැන් කරුවන් සිටි නිවසේ තනිව විශ්‍රාම දිවිය ගත කළ බවත් පැවසිණි.
සිද්ධිය වූ නිවස වෙත නුගේගොඩ පොලිස් නිල සුනඛ 'සාරා'ද ගෙන්වා පරීක්ෂණ සිදුකෙරිණ. නුගේගොඩ අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් රමණි කුලරත්න මහත්මිය මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූවාය.  සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාර් ප්‍රසාද් රණසිංහ මහතාගේ උපදෙස් මත මිරිහාන පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.

« PREV
NEXT »